ඇමෙරිකාවේ හමුදා කඳවුරකට ඩ්‍රෝනා ඇවිල්ලා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ලෙස්ලි ජේ. මැක්නියාර් කඳවුරට නුදුරින් අහසේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දකින්න ලැබීමත් සමග කලබලයක් හට ගැණුනි. 19 March 2026
ඇමෙරිකාවට ගැති නැති නැව් හෝමූස් හරහා යනවා ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලයට සහාය නොදක්වන භාණ්ඩ ප්‍රවාහන වාණිජ නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යෑමට ඉරාන විප්ලවීය හමුදාව දිගින් දිගටම අවසර ලබා දෙන බව අල් ජසීරා පුවත් සේවය පැවැසීය. 18 March 2026
ට්‍රම්ප් බීබීසීයට දෙහි කපයි ඉරාන යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් නාලිකාව සිදුකරන පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් තමා පැහැදීමකට පත් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ කීවේ බීබීසී නාලිකාවට දොස් නගමිනි. 18 March 2026
පුටින් ඉරානයට උදවු කිරීම හංගන්න කාරි නෑ යුද ගැටුම් මධ්‍යයේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරානයට සහාය දෙන බව තමන් දන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවැසීය. 18 March 2026
අයර්ලන්ත අගමැති ධවල මන්දිරයේ අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී ඉරානය සමරග පවතින යුද ගැටුම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. 18 March 2026
ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් මරලා ඉරාන දේශපාලන සහ යුද පිටියේ දැවැන්ත පෙරළියක් ඇති කරමින්, එරට විප්ලවීය හමුදාවේ ‘බසීජ්’ බළඇණියේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වී ඇතැයි පැවැසෙයි. 17 March 2026
ට්‍රම්ප් කියුබාවට පහර දෙන්න සූදානම් ලතින් ඇමෙරිකා කලාපයට අයත් කියුබාව සමග දශක ගණනක් තිස්සේ පවතින අර්බුදය අවසන් කරමින්, කියුබාව යටත් කරගෙන කියුබා වැසියන් මර්දනකාරී පාලනයෙන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 17 March 2026
හෝමූස් අර්බුදය විසඳන්න බ්‍රිතාන්‍ය අගමැති වෙර දරයි ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවටත් ඊශ්‍රායලයටත් විරෝධය පළ කරමින් අවහිර කළ හෝමූස් සමුද්‍ර සන්ධිය යලි විවෘත කර, ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ඉන්ධන සැපයුම සහතික කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් උත්සාහ ගනිමින් සිටී. 17 March 2026
බැග්ඩෑඩයේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් සහ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 17 March 2026
ඇමෙරිකන් චීන ජනපති හමුව මසකින් පස්සට ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත මුහුණ හමුව මාසයකින් කල් දැමීමට සිදුවුණු බව ධවල මන්දිරය පවසයි. 17 March 2026
හෝමූස් වහලා තියෙන්නේ ඇමෙරිකන් හිතවතුන්ට විතරයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත. 17 March 2026
ඔස්කාර් සිනමා සම්මන උළෙල 2026 බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල 98 වැනි වරට, සුපුරුදු පරිදි ලොස් ඇන්ජලීස් නුවර ඩෙල්බි රඟහලේ දී විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි. 16 March 2026
සටන් විරාම ඉල්ලුවේ නෑ: ඉරාන විදේශ ඇමැති ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලා නැතැයි ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ, ඉරානය සටන් විරාමයක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා පැවැත්වූයේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි. 16 March 2026
ට්‍රම්ප් නේටෝවටත් සද්දේ දාලා ඉරාන විප්ලවීය හමුදාවේ අණසකට ලක්වුණු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඇමෙරිකාවට සහාය නොදෙන්නේ නම්, නේටෝ සංවිධානයේ අනාගතය ඉතා අඳුරු වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය. 16 March 2026
ට්‍රම්ප්ගෙන් මාධ්‍ය ආයතනවලට තර්ජන ඉරානයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් වාර්තා කරන්නේ නම්, එවැනි මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවීය. 16 March 2026
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය. 15 March 2026
ඉන්දියාවේ එක පොදියට මැතිවරණ 5 ක් ඉන්දියාවේ බටහිර බෙංගාලය, ඇසෑමය, තමිල්නාඩුව, කේරළය සහ පුදුචේරි යන ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 15 March 2026
මැරිලා නැතිනම් හොයන් ගිහින් මරනවා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මියගොස් ඇතැයි ඉරානය තරයේ කියා සිටී. ඒ, ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිවැරදි ඉලක්කයට කරා ළඟා වූ බව ද පවසමිනි. 15 March 2026
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී. 13 March 2026
ජෝන්ස් පනත අත්හිටුවයි ඇමරිකානු වෙළඳපොළේ ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින්, ‘ජෝන්ස් පනත’ දින 30ක කාලසීමාවකට තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 13 March 2026
ඇමෙරිකන් හමුදා යානයක් බිම කඩා වැටුණේ ‘බෝයිං කේසී 135 ස්ට්රැටෝටැන්කර්’ නමැති ගුවන් යානයකි. මෙය ඉන්ධන ප්‍රවාහන ගුවන් යානයක් බව පැවැසෙයි. ඇමෙරිකන් ගුවන් යානයට තමන් පහර දුන් බවත්, යානය කඩා වැටුණේ එම ප්‍රහාරයෙන් පසුව බවත් පැවැසෙයි. 13 March 2026
කොරියන් නායකයාගේ දියණිය සටනට සූදානම් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, සිය දියණිය කිම් ජූ එ් ද කැටුව උතුරු කොරියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් නිරීක්ෂණයට ගිය අතර, එහිදී ඇය එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කිරීමට ද අමතක කළේ නැත. 13 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අගවා ඇත. 13 March 2026
ඉරානයේ මිලියන 3.2 ක් අවතැන් ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම් හේතුවෙන් මේවනවිට ඉරානයේ මිලියන 3.2 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. 13 March 2026
දරුවෝ දහසක් මැරිලා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව අනුගමනය කරන හමුදා ක්‍රියා මාර්ගයත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග හටගත් යුදමය තත්ත්වය හේතුවෙන්, මැදපරෙදිග කලාපයේ කුඩා දරුවන් දහසකට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි. 12 March 2026
ඉරාන නව නායකයාගෙන් අනතුරු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තාබා කමේනි, සිය පළමු ප්‍රකාශය නිකුත් කරමින් ඇමෙරිකාවට අනතුරු අගවා ඇත. මොජ්තාබා කමේනී පවසා ඇත්තේ කලාපයේ පවතින සියලුම ඇමරිකානු කඳවුරු වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙසය. 12 March 2026
අමතර තෙල් සංචිත මුදා හරී මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක දැවැන්ත තෙල් සංචිතයක් මුදාහැරීමට ඒකමතිකව තීරණය කර තිබේ. 12 March 2026
පාපන්දු ලෝක කුසලානයට ඉරානය නෑ ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බව ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. 12 March 2026
යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3 ක් පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට කොන්දේසි තුනක් ද ඉදිරිපත් කරමිණි. 12 March 2026
ඇමෙරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ප්‍රහාරයට ලක්වුණු අවස්ථාවේදී, ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල යුද අපරාධයක් යැයි ඉරානය චෝදනා කරයි. 11 March 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 23 hours ago