
ගාසා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන ඉස් අද් - දින් අල් - හඩාඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මියගිය පුද්ගලයා 2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවකු වන බවය.
එමෙන්ම දහස් සංඛ්‍යාත ඊශ්‍රායල සිවිල් වැසියන් සහ ඊශ්‍රායල ආරක්ෂක බලකා සෙබළුන් ඝාතනය කිරීම, පැහැරගැනීම සහ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද මොහු වගකිව යුතු බවයි ඊශ්‍රායලය චෝදනා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd