රුසියන් බැලැස්ටික මිසයිලය සාර්ථකයි ඇමෙරිකාවේ ඉලක්කවලට පහසුවෙන් විදිය හැකි නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියාව පවසයි. 27 October 2025
ඇමෙරිකන් හෙලිකොප්ටරයක් ප්‍රහාරක ජෙට් යානයක් මූදට වැටිලා ඇමෙරිකන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරු සිදුවී ඇත්තේ සාමාන්‍ය මෙහෙයුමක් අතරතුරේය. 27 October 2025
ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් බ්‍රසීල ජනපති ලූලා හමුවෙයි මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ‘ආසියාන්’ හෙවත් අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව අතරතුරේ ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ ද සාකච්චා පැවැත්විණි. 27 October 2025
තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුමට අස්සන් කෙරේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන 47 වැනි ආසියාන් සමුළුවට සමගාමීව, ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්රහීම්ගේ මැදිහත් වීමෙන් තායිලන්ත කාම්බෝජ සාම වැඩපිළිවෙළට අත්සන් තැබුණි. 27 October 2025
සයිබර් අපරාධ ගිවිසුමක් ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. 26 October 2025
කැනඩාවට පැනවූ තීරු බදු වැඩි කරයි කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, හිටපු ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් පසු ඊට අප්‍රසාදය පළ කරමිනි. 26 October 2025
ඇමෙරිකාව තවත් යුද්ධයකට අරඅදිනවා ඇමෙරිකාව අලුත් යුද්ධයක් නිර්මාණය කිරීමට සැරැසෙනවා යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා නගයි. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින මදුරෝ මෙසේ චෝදනා කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට හමුදාවට අයත් විශාලත යුද නෞනාව ලෙස සැලකෙන යූ.එස්.එස්. ජෙරල්ඩ් ආර්. ෆෝඩ් වෙනිසියුලාව අසල කැරිබියානු දූපත් ආසන්නයට යැවීමට අණ දීමත් සමඟය. 26 October 2025
තායිලන්තයේ සිරිකිත් රැජින සමුගනී තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජින, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය බැංකොක් අගනුවර රෝහලකදී අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. 26 October 2025
අයර්ලන්ත ජනාධිපති ධුරය කැතරින් කොනොලිට අයර්ලන්ත ජනාධිපතිවරණයෙන්, විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කැතරින් කොනොලි සමත් වූවාය. ඇය අයර්ලන්ත ජනරජයේ 10 වැනි ජනාධිපතිනියයි. 26 October 2025
ඉන්දියාවේ බසයක් ගිනිගෙන 25 ක් මරුට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බසයක් ගිනි ගැනීමෙන් එහි සිටි මගීන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 24 October 2025
බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈදා ගනීමේ පනත සම්මතයි බටහිර ඉවුරේ ඊශ්‍රායල පරමාධිපත්‍යය පැනවීම සඳහා වන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව සමත් විය. සම්මත වූ පනත යටතේ, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈදා ගැනීමට අවසර හිමිවනු ඇතැයි පැවැසෙයි. 24 October 2025
ඇමෙරිකා කැනඩා වෙළෙඳ සාකච්ඡා අවසන් තීරු බදු සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා රජය අතරේ පැවැති සියලු වෙළෙඳ සාකච්ඡා මේවනවිට අවසන් වී ඇත. 24 October 2025
ලූව්ර කෞතාකුගාර අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙන්න සූදානම් ප්‍රංශයේ පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය ලොරන්ස් දෙස් කසාර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංස්කෘතික අමාත්‍යවරයාට බාර දී ඇත. කෙසේ නමුත් සංස්කෘතික අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් එම ඉල්ලා අස්වීම බාර නොගත් බවය. 24 October 2025
තෙවැනි චාල්ස් රජු ලියෝ පාප්තුමා හමුවෙයි තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් බිසව, 14 වැනි ලියෝ පාප්තුමා හමුවූහ. ඒ නිල සංචාරයක් ආරම්භ කරමින් රෝමයේ වතිකානයට පැමිණීමෙන් පසුවය 24 October 2025
සම්බාධකවලින් බලපෑමක් නෑ - පුටින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ විශාලතම කෙල් සමාගම්වලට සම්බාධක පැනැවීම ගැටලුවක් වන නමුත්, එම සම්බාධකවලින් රුසියන් ආර්ථිකයට බලපෑමක් කිරීමට නොහැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 24 October 2025
චීන ජනාධිපති හමුවන්න ඇමෙරිකන් ජනාධිපති සූදානම් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බවත්, එම සංචාරය යටතේ, ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය පවසයි. 24 October 2025
අයිස්ලන්තයෙන් මදුරුවන් හමුවෙලා අයිස්ලන්තයේ පළමු වරට මදුරුවන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අයිස්ලන්තයෙන් මෙසේ මදුරුවන් හමුවී ඇත්තේ, අයිස්ලන්තය ගෝලීය උණුසුම හේතුවෙන්, උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. 23 October 2025
රුසියාවේ තෙල් සමාගම්වලට සම්බාධක රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනැවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවරගෙන ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය නවත්වා සටන් විරාමයකට සහ සාම වැඩපිළිවෙළකට යන්නැයි රුසියාවට බල කරමිණි. 23 October 2025
පේරු රටේ හදිසි තත්වයක් පේරු අන්තර්වාර ජනාධිපති හෝසේ ජෙරී, එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, සති ගණනක් තිස්සේ පැවැත්වෙන රජයට එරෙහි විරෝධතා උත්සන්න වීම සැලකිල්ලට ගනිමිනි. 22 October 2025
මෝටර් රථයක් ධවල මන්දිරයට කඩා වදින්න හදලා ආරක්ෂක බාධක පෙරළා ගෙන, ධවල මන්දිරයට අයත් එක් ගේට්ටුවක් දෙසට මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇමෙරිකන් පොලිසිය පවසයි. 22 October 2025
තගල්බාන්වරුගෙන් පාකිස්තානයට රතු එළියක් පාකිස්තානය දිගින් දිගටම ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝනය කරන්නේ නම්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම තීරණයක් ගැනීමට තමන් පසුබට නොවන බව ඇෆ්ගන් තලේබාන් රජයේ ආරක්ෂක අමාත්‍ය මුහම්මද් ආසිෆ් පවසා ඇත. 22 October 2025
පාකිස්තානයේ ඩෙංගු ඉහළට පාකිස්තානයේ ඩෙංගු රෝගීන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ සින්ද් ප්රාන්තයේය. ඒ අනුව, එම ප්‍රාන්තයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත. 22 October 2025
ජපන් නව අගමැතිනියට මෝදි සුබ පතලා ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයේ දිවුරුම් දුන්, සානේයි ටකයිචීට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පතා ඇත. ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබ පැතුම් පණිඩුයක් නිකුත් කරමිණි. 22 October 2025
ට්‍රම්ප් පුටින් හමුව කල් යයි රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් ආරම්භ කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැත්වීමට නියමිත හමුව දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 22 October 2025
සොරකම් කළ ආභරණ සොයා ගැනීම ගැටලුවක් පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයෙන් සොරකම් කළ ප්‍රංශ රාජකීය ආභරණ යළි කිසි දිනෙක ප්‍රංශයට නොලැබෙනු ඇතැයි විශේෂඥයෝ පවසති. 21 October 2025
සාකෝසිගේ සිරදඬුවම ඇරැඹේ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිගේ සිරදඬුවම ක්‍රියාත්මක විය. ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා, පැරිසියේ පිහිටි ලෙ සැන්තේ බන්ධනාගාරයට යොමු කෙරුණු බවය. 21 October 2025
ට්‍රම්ප් පුටින් හමුවට මමත් යන්න කැමතියි හංගේරියාවේ බුඩපාස්ට් නුවර පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවට, තමන් ද සහභාගී වීමට කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 21 October 2025
ට්‍රම්ප් ඇල්බනීස් හමුවක් ධවල මන්දිරයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහඕස්ට්රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 21 October 2025
ධවල මන්දිරයේ කොටසක් කඩා දැමේ නව උත්සව ශාලාවක් එක් කිරීමේ අරමුණින්, ධවල මන්දිරයේ කොටසක් කඩා දමා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. මෙම උත්සව ශාලාව ඉදිවන්නේ ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුවය. 21 October 2025
සනායි තකයිචි ජපන් අගමැති ලෙස දිවුරුම් දෙයි ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි තකයිචි, එරට පාලක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නව නායිකාව අද (21) දිවුරුම් දෙයි. 21 October 2025
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026