
ඇමෙරිකන් ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයේ කලබලයක් හටගත්තේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාරක විෂ වායු කාන්දු හේතුවෙන් මෙම කලබලය හටගත් බවය.
පෙන්ටගනයේ මහල් කීපයක් මුළුමනින්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. පෙන්ටගන් සේවකයන් සහ නිලධාරීන් ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද කටයුතු යෙදුණි.
පෙන්ටගන ප්‍රකාශක ෂෝන් පාර්නෙල් පසුව මාධ්‍ය හමුවේ විෂ වායු කාන්දුවක් හේතුවෙන් පෙන්ටගනයේ දෙවන මහලේ සිට පස්වන මහල දක්වා වසා දැමීමට පියවර ගත් බවය.
ආරක්ෂක නිලධාරීන් පසුව ගෑස් මුහුණු ආවරණ සහ ආරක්ෂක ඇදුම් කට්ටලවලින් සැරැසී, වසා දැමුණු එම මහල් පරීක්ෂාවට ලක් කළ බවත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවත් පෙන්ටගන ප්‍රකාශක ෂෝන් පාර්නෙල් වැඩි දුරටත් පැහැදිලි කර ඇත. සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සවස් වනවිටත් පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත ලැබී තිබුණේ ද නැත.
පෙන්ටගනය යනු ලොව විශාලතම කාර්යාල ගොඩනැගිලිවලින් එකකි. වර්ජිනියා ජනපදයේ ආලින්ටන් පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලට එම නම ලැබී ඇත්තේ එහි ඇති සුවිශේෂී පංචාස්‍ර හැඩය නිසාය.
දෙවන ලෝක යුද්ධ සමයේදී ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානය තුළ ඇමෙරිකානු යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු සමස්ත සන්නද්ධ බලකා මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි. එය ඇමෙරිකානු හමුදා ශක්තියේ සහ ජාතික ආරක්ෂාවේ ප්‍රධානතම සංකේතය ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd