ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත්, බෝම්බ හෙලන ප්‍රහාරක යානයක් අනතුරට ලක් වී කඩා වැටුණි. අනතුරින් යානයේ නියමුවන් ද ඇතුළු යානයේ සිටි අට දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

අනතුරට ලක් වී කඩා වැටුණේ ඊ-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් බෝම්බ හෙලන ගුවන් යානයකි. න්‍යෂ්ටික අවි සවි කළ බෝම්බ පවා රැගෙන යෑමට මෙම ගුවන් යානාවලට හැකියාව ඇත.

 කඩා වැටුණු යානය පිපිරී ගිනිගත් බව ද පැවැසෙයි. යානය කඩා වැටුණේ දකුණු කැලිෆෝනියාවේ මොහාවි කාන්තාරයේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වීමෙන් පසුවය. යානයේ සිටි අට දෙනා අතරේ, ගුවන් හමුදා නිලධාරීන් පමණක් නොව, සිවිල් නිලධාරීන් ද සිටි බව පැවැසෙයි.

ගුවන් හමුදා කර්නල් ජේම්ස් හේස් ප්‍රකාශ කර ඇත්තේ, යානය කඩා වැටුණු ආකාරට සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ වී ඇති බවය. යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටෙන්න ඇතැයි ද පැවැසෙයි.