රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමේ අරමුණින්, ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් එක් වී සකස් කළ සාම යෝජනාව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත යොමු කෙරුණු බවත්, රුසියන් ජනාධිපතිවරයා තරයේ එය ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වේ.

ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘ජී7’ රටවල් එම සාම යෝජනාව සකස් කර ඇත්තේ යුක්රේනයේ වාසියට බවය. ‘ජී7’ සමුළුව ප්‍රංශයේ පැවැත්වෙන අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ඊට සහභාගී වෙයි.