
ප්‍රංශයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් පමණක් නොව, මැක්රොන්ගේ බිරිඳ වන බ්‍රිජෙත් ත්‍රොග්නෝව්ගෙන් ද හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
‘ජී7’ සමුළුව මෙවර පැවැත්වෙන්නේ ප්‍රංශයේ, ස්විට්සර්ලන්ත දේශසීමාව ආසන්නයේ ‘ජිනීවා’ විල අසල නිවාඩු නිකේතනයකය. විශේෂ ආරක්ෂාවක් ද සමුළුවට යොදා ඇත.
ඉරාන යුද්ධයේ දී තමන්ට අවශ්‍ය පරිදි සහාය නොදුන්නේ යැයි චෝදනා නගමින්, ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට ප්‍රසිද්ධියේ අපහාස කර ඇත. ඒ මැක්රොන්, බිරිඳ බ්රිජෙත්ගෙන් පහර කෑමට ලක් වෙනවා කියමිනි. කෙසේ නමුත්, සමුළුවට සමගාමීව මැක්රොන් සහ ට්‍රම්ප් අතරේ ද්වී පාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd