
‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ඇමරිකාවේ නාසා ආයතනය, සඳට යැවීඹට සූදානම් වන ගගනගාමීන් සිවුදෙනා හඳුන්වා දීම ඊයේ (9) සිදුවිය.
ඒ අනුව මෙහෙයුමේ අණදෙන නිලධාරියා (Commander) ලෙස නාසා ආයතනයේ රැන්ඩි බ්‍රෙස්නික් කටයුතු කරන අතර, එහි නියමුවා (Pilot) ලෙස යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ලූකා පර්මිතානෝ කටයුතු කරනු ඇත.
මීට අමතරව, මෙහෙයුම් විශේෂඥයන් (Mission Specialists) ලෙස නාසා ආයතනයේ ෆ්‍රෑන්ක් රුබියෝ සහ ඇන්ඩ්‍රේ ඩග්ලස් එක්වන අතර, අතිරේක (Backup) ගගනගාමියකු ලෙස බොබ් හයින්ස්නම් කර ඇත.
‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම සිදුවන්නේ, 2027 වසර අවසානයේය. මෙම මෙහෙයුමේ දී ද සඳට ගොඩ බෑමක් සිදු කරන්නේ නැත. එසේ වුවත්, පෘථිවි සහ චන්ද්‍ර කක්ෂයන්හි රැඳී සිටිමින් අත්‍යවශ්‍ය මෙහෙයුම් රැසක් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
එහිදී අභ්‍යවකාශ යානා එකිනෙකට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලීන් (Docking procedures) සහ සඳට ගගනගාමීන් ගොඩබැමේදී ක්‍රියාත්මක කෙරෙන පද්ධති (Human Landing Systems) විධිමත්ව පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වෙයි.
පළමු වරට සඳ මතට පිරිමියකු සහ ගැහැනියක ගොඩබෑම සිදුවන්නේ ‘ආටිමිස් 4’ චන්ද්‍ර මෙහෙයුමේදීය. ඉන්පසු සඳ මතුපිට නවාතැන්පොළක් ඉදි කිරීමට නාසා සැලැසුම් කර ඇත. එම කටයුතු සිදුවන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුමේ සාර්ථකත්වය අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd