
මාලදිවයිනේ වාවු අතොළු මුහුදු තීරයේ, මුහුද යට පිහිටි, ගුහාවක් ගවේෂණය කිරීමට ගොස් මියගිය ඉතාලි ජාතිකයන් සිවුදෙනාගේ සිරුරු සෙවීමේ අවදානම් සහගත මෙහෙයුම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක් මාලදිවයිනට පැමිණ ඇත.
ගුහාව ගවේෂණයට ගොස් අනතුරට පත්වූයේ ඩියුක් ඔෆ් යෝර්ක් නමැති නෞකාවෙන් පැමිණි ඉතාලි ජාතිකයන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමකට අයත් සංචාරකයන් පිරිසකි. ඒ, ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේය.
සංචාරකයන්ට මග පෙන්වමින් ඔවුන් සමග සිටි කිමිදුම් උපදේශක ජියන්ලූකා බෙනඩෙට්ටි ද ජීවිතක්ෂයට පත්වුණු අතර, ඔහුගේ සිරුර සොයා ගැනුණේ ගුහාවට පිවිසෙන ස්ථානයෙනි.
විශ්ව විද්‍යාල මහාචාර්යවරියක, ඇගේ දියණිය සහ තවත් පර්යේෂකයන් දෙදෙනකු ඇතුළු අනෙක් සිව්දෙනාගේ සිරුරු මීටර් 70ක් ගැඹුරු සහ මීටර් 200ක් දිගු මෙම අනතුරුදායක ගුහාව තුළ සිරවී ඇතැයි විශ්වාස කෙරේ.
මෙම සිරුරු සෙවීම සහ ඒවා මුහුද මතුපිටට රැගෙන ඒම ඉතා සංකීර්ණ සහ අවදානම් සහගත මෙහෙයුමක් බව පැවැසෙයි. පිරිස අතුරුදන් වූ අවස්ථාවේ, දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වුණු අතර, ඊට එක් වුණු ලදිවයින සතු දක්ෂතම ජ්‍යෙෂ්ඨ හමුදා කිමිදුම් නිලධාරියා වන 43 හැවිරිදි සැරයන් මොහොමඩ් මහූදි ජීවිතක්ෂයට පත් විය.
මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරව සහිතව සැරයන් මොහොමඩ් මහූදිගේ අවසන් කටයුතු මාලේ අගනුවරදී සිදු කෙරුණි.
ඉතාලි රජයේ ඉල්ලීම මත ගෝලීය කිමිදුම් ආරක්ෂණ සංවිධානයකට අයත් ෆින්ලන්ත ජාතික විශේෂඥ කිමිදුම්කරුවන් තිදෙනකු මාලදිවයිනට පැමිණි අතර, ඔවුන් දේශීය වෙරළාරක්ෂක බලකාය සමඟ එක්ව මළසිරුරු සෙවීම සිදු කරනු ඇතැයි ද පැවැසෙයි.
මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් සහ එක්සත් රාජධානියෙන් විශේෂිත උපකරණ ද, තවත් සිවුවැනි කිමිදුම් විශේෂඥයකු ද කණ්ඩායමට එක් කර ගැනෙන බව මාලදිවයින රජයේ ප්‍රධාන ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd