
තවමත් අවසන් නොවුණු ඇමෙරිකා ඉරාන යුද්ධය මුල්කාට ගනිමින්, මැදපෙරදිග කලාපයේ හටගත් අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින්, තවත් ප්‍රමාද නොවී, දැන්ම ‘පටි තද කර ගනිමු යැයි’ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටී.
දින නියමයක් නොමැතිව, සටන් විරාමයක් ඇතිකර ගැණුනත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඉරානය හෝ යුද්ධය අවසන් කිරීමට පැහැදිලි එකගතාවක් ඇති කරගෙන නැත. දෙපාර්ශ්වයම සාම සැලැසුම් ඉදිරිපත් කර ඇති නමුත්, දෙපාර්ශ්වයම ඊට එකගත්වය පළ කර නැත.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන්, ඉන්දියාවේ ආර්ථිකයට සිදුවිය හැකි දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍ය මෝදි ඉන්දීයානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ එම බලපෑමට මුහුණ දීමට පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතු බවය.
ඉන්ධන සහ පොහොර භාවිතය අඩු කිරීම කළ යුතු බවත්, ඒ සඳහා පෙට්‍රල්, ඩීසල් සහ පොහොර සඳහා වැයකරන මුදල් සීමා කිරීම, ඉන්දියාවෙන් පිටතට මුදල් ගලායෑම වැළැක්වීම සඳහා විදේශ සංචාර අඩු කිරීම, විදේශවල මංගල උත්සව පැවැත්වීමෙන් වැළැකීම, සහ හැකිතාක් ඉන්දියාව තුළ මංගල උත්සව පැවැත්වීම ආදිය කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
මැදපෙරදිග යුද ගැටුම හේතුවෙන්, ඉන්ධන සැපැයුම්වලට බාධා එල්ල වී ඇත. ලෝක බොරතෙල් මිල විටින් විට ඉහළ පහළ යයි. යුද ගැටුම් හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඉන්ධන සම්බන්ධයෙනි.
එබැවින් අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කර ඉන්ධන පිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසත්, පෙට්‍රල් සහ ඩීසල් භාවිතය අවම කිරීමට දුම්රිය, මෙට්‍රෝ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය භාවිත කරන ලෙස ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාව උනන්දු කර ඇත.
ඩීසල් භාවිතය වෙනුවට සූර්ය බලශක්තියට යොමු වෙන ලෙසත්, සූර්ය බලයෙන් ක්‍රියාකරන ජල පෝම්ප යන ආදිය භාවිත කරන ලෙසටත් මෝදි උපදෙස් ලබාදී ඇත.
මේ වනවිටත් ඉන්දියාවේ ප්‍රාන්ත මට්ටමින්, ගම්මානවල විදුලි බලය නිපදවීම සිදුවන්නේ සූර්ය බලයෙන් වන අතර ප්‍රාන්ත රජය මෙන්ම ඉන්දීය මධ්‍යම රජය ද ඒ සඳහා ජනතාවට ණය පහසුකම් ලබා දෙයි.
හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට වැඩකිරීමට යොමුවෙන ලෙසත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ද ඉන්ධන සහ විදුලිය හැකිතාක් ඉතිරි කර ගැනීමේ අරමුණින්ය. ප්‍රාන්ත මට්ටමින් මේ ගැන බලධාරීන් අවධානය යොමු විය යුතු බව මෝදි වැඩිදුරටත් පවසා ඇත.
විදෙස් විනිමය ඉතිරි කරගැනීම සඳහා වසරක් යන තුරු රත්තරන් මිලදී ගැනීම සීමා කරන ලෙසත් අත්‍යාවශ්‍ය නොවන රන් ආභරණ මිලදී ගැනීමෙන් වළකින ලෙසත් මෝදී පෙන්වා දෙයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන තෙල් මිල සමඟ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම පියවරයන්ට යොමුවෙන ලෙස මෝදී පෙන්වා දී ඇත.
ඉන්දියානු රුපියල ශක්තිමත් කිරීම මෙන්ම ආනයන වියදම් අඩුකිරීම තුළින් රුපියලේ අගය පහත වැටීම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd