චීන කෘෂිකර්ම ඇමතිට අත්හිටවූ මරණ දඩුවමක්
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත, චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැංග් රෙන්ජියන්ට මරණ දඬුවම නියම විය. කෙසේ නමුත්, තමා කළ අපරාධ පිළිබඳ පාපොච්චාරණය කිරීම නිසා, චීන මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම, වසර දෙකකට අත්හිටුවීමට තීරණය කළේය.