
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට දින 50 ක් ගත වී ඇත. යුද්ධය හේතුවෙන් බොර තෙල් නිෂ්පාදනය අඩාල වීමෙන්, ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක මුදලක් ලෝකයට අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුද්ධය අද හෙට අවසන් වුවත්, සිදුවුණු මෙම බලපෑම වසර ගණනක් යනතුරු දැනෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී. මේ වනවිට, හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දමනු ලැබ ඇත්තේ ඉරාන හිතවාදී නෞකාවලට පමණක් ඒ අහරහා යෑමට ඉඩ දෙමිණි. ඇමෙරිකාව ඊට විරෝධය දක්වමින් හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පිවිසුමෙන් අවහිර කර ඇත. ඒ, නාවික හමුදාව යොදවමිණි.
පසුගිය දා ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇති කර ගැනුණි. ඒ දින 10 කටය. එය ඉරානයේ පැසැසුමට ලක්වුණු අතර හෝමූස් වහා විවෘත කිරීමට ඉරානය කටයුතු කළේය. ඒ සමග ලෝකයේ බොර තෙල් මිල පහළ වැටුණි. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ තර්ජන හේතුවෙන්, පැය 24 ක් යෑමටත් පෙර ඉරානය යළි හෝමූස් වසා දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd