පිලිපීන සහ ඇමෙරිකන් නාවික හමුදාව ඒකාද්ධ නාවික අභ්‍යාසයක නියැලෙනු ඇතැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කර ඇත. 

මෙම ජීව උණ්ඩ ද භාවිතයට ගනිමින් මෙම යුද අභ්‍යාසය ආරම්භ වුණු බවත්, එය මැයි 8 තෙක් පැවැත්වෙනු ඇති බවත් පැවැසෙයි. යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ මතභේදයකට ලක්වී ඇති තායිවාන දූපත අසල පිලිපීන දූපත් ආශ්‍රිතවය. වෙනම පාලනයක් පවතින තායිවානය මතභේදයකට ලක්වී ඇත්තේ එය චීනයේ කොටසක් යැයි පවසමින් චීනය එහි අයිතිය ඉල්ලීමය. 

පිලිපීන සහ ඇමෙරිකන් සෙබළුන් මෙම යුද අභ්‍යාසයට ප්‍රධාන වශයෙන් දායක වුවත්, ඕස්ටේ්‍රලියා, කැනඩා, ප්‍රංශ, නවසීලන්ත සහ ජපන් හමුදා ද තම පිලිපීන හමුදා සමග එක් වෙමින් යුද අභ්‍යාසයට විටින්විට සහභාගී වනු ඇතැයි පිලිපීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යුද අභ්‍යාසයේ අරමුණ චීනයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම යැයි ද පැවැසෙයි.