
මියන්මාර හමුදාව කුමන්ත්‍රණය කර බලය අල්ලා ගනිද්දී, බලයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන චෝදනා රැසකට වරදකරු කරමින්, සිරදඬුවම් නියම වූ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට පත් කළ බව මියන්මාර හමුදා රජය නිවේදනය කළේය.
වෙසක් පොහොය නිමින්තෙන් මියන්මාර හමුදා රජය පොදු සමාවක් යටතේ, විදේශිකයන් 11 දෙනකු ද ඇතුළු සිරකරුවන් 1,519 දෙනකුට නිදහස ලබා දීමට කටයුතු කළේය. තවත් සිරකරුවන්ගේ කිහිප දෙනකුගේ දඬුවම් කාලයෙන් හයෙන් එකක් අඩු කිරීමට ද පියවර ගත්තේය. එම සිරකරුවන් අතර, ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ද ඒ අතර සිටී.
මියන්මාර හමුදාව කුමන්ත්‍රණය කරමින්, සූ කීගේ රජය පෙරළා බලය අල්ලා ගත්තේ 2021 වසරේදීය. සූ කී සහ බලයේ සිටි ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. ඔවුන්ට ද වෙන වෙනම චෝදනා යටතේ නඩු පවරා සිරදඬුවම් ලබා දුන්නේය.
නොබෙල් ත්‍යාගලාභිනී සූ කීට, 2022 දී, වසර 33 ක සිර දඬුවමක් නියම වූයේ විවිධ චෝදනා යටතේය. ඒ ඇය එම චෝදනා එකිනෙකට වරදකරු කරමිණි. විදෙස් මාධ්‍ය වාර්තා අනුව පසුගිය වසර පහක කාලයේ සූ කී සිටියේ බන්ධනාගාරගතවය.
ජගත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, මෙය සූ කී දේශපාලනයෙන් ඉවත් කිරීමට හමුදා පාලකයන් අනුගමනය කළ ද්වේෂසහගත උත්සාහයක් බවය. පසුව සූ කීගේ සිරරදඬුවම් කාලය ද වසර 18 දක්වා අඩු වුණු අතර, දැන් ඇයට ඉතිරි වී ඇත්තේ තවත් වසර 13 ක් පමණි.
මියන්මාර හමුදා රජයේ නායකයා මෙන්ම ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කරන මින් අවුන් හ්ලියැන්ග් ද විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, සූ කීට හිමි ඉතිරි සිර දඬුවම් කාලය නිල නිවසක ගත කිරීමට අවසර දෙමින් ලිහිල් කළ බවය.
වසර ගණනකට පසු සූ කී ගේ ඡායාරූපයන් ද මියන්මාර රජය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත. එහි ඇය නිලධාරීන් දෙදෙනෙකු මැද ලී බංකුවක අසුන්ගෙන සිටිනු දක්නට ලැබේ. පොදු සමාව යටතේ ඇයගේ සිර දඬුවම් කාලය නිවාස අඩස්සිය තෙක් වෙනස් කිරීමට පමණක් නොව, සිරදඬුවම් කාලය අඩු කිරීමට ද මියන්මාර බලධාරීන් පියවර ගෙන ඇතැයි පැවැසෙයි.
අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට පත් කිරීම, මියන්මාරය විශ්වසනීය දේශපාලන ගමනක් ආරම්භ කර ඇතැයි පෙන්වන අර්ථවත් පියවරක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd