ඇමෙරිකාවේ සිවුදින සංචාරය අවසන් කිරීමෙන් පසු තෙවැනි චාල්ස් රජු බර්මියුඩාව බලා ගියහ. බර්මියුඩා යනු බ්‍රිතාන්‍ය පාලනය යටත් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයකි.

කිරුළ හිමිවීමෙන් පසු, චාල්ස් රජු බර්මියුඩාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. චාල්ස් කුමරුන්ගේ බිරිඳ කැමිලා රැජින ඇමෙරිකන් සංචාරයට එක්වූවත්, බර්මියුඩා සංචාරයට එක් වූයේ නැත.