
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතළ බවත්, 12 දෙනකු පමණ සුළු තුවාල ලබා ඇති බවය.
උතුරු සීලන්ත ප්‍රදේශයේ හිලරොඩ් සහ කගෙරුප් නගර යා කරන දුම්රිය මාර්ගයක අලුයම මෙම අනතුර සිදුවුණු බව පැවැසෙයි.
පොලිස් වාර්තාවලට අනුව අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය දෙකෙහිම ගමන් කර ඇති මගීන් සංඛ්‍යාව 38 කි.
බරපතළ තුවාල ලැබූවන් ගුවන් මගින් කෝපන්හේගන් ජාතික රෝහල වෙත රැගෙන ගිය බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd