
ඉදිරියේ දී ඊසානදිග ජපානයට රික්ටර් පරිමාණයේ ඒකක 7.7 කට වඩා ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පා හටගැනීමේ අවදානමක් පවතින බව එරට භූ විද්‍යාඥයෝ අනතුරු ඇඟවීමක් කළහ.
ජපන් විද්‍යාඥයන් මෙවැනි අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. අනතුරු ඇඟවීම් සිදු කෙරුණේ හොක්කයිඩෝ සිට චිබා පළාත්වල වැසියන්ටය.
ජපානයේ ඉවාටේ වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේ රික්ටර් 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් හටගත් අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් විය. සුනාමි රළ කඩා වැදීමක් සිදුවුණු නමුත් ජීවිත හෝ දේපළ හානි සිදුවූයේ නැත.
එම භූමිකම්පාව සම්බන්ධයෙන් දත්ත අධ්‍යයනය කරමින් භූවිද්‍යාඥයන් අනාවැකි පළ කර ඇත්තේ ඉදිරියේ දී තවත් ප්‍රබල භූමිකම්පා හට ගැනීමට ඉඩ ඇති බව යැයි ජපන් මාධ්‍ය වැඩිදුරටත් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd