
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන හෝ ඇමෙරිකාව ගැන හෝ කිසිදු විශ්වාසයක් තමන්ට නොමැති බවත්, තමන් යුද්ධයකට බය නැති බවත් පවසමින්, ඉරාන වැසියෝ දස දහස් ගණනක් එරට තෙහෙරාන් අගනුවරට රැස්වී, ඉරාන ඉස්ලාමීය රජයට සහාය දක්වමින්, ඇමෙරිකා විරෝධී පෙළපාළි පැවැත්වූහ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දී ඇති සටන් විරාමය 22 අවසන් වෙයි. ට්‍රම්ප් ඉරානයට සටන් විරාමයක් ලබා දුන්නේ, ඔහු සමග පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට සහ ඉරානය විසින් වසා දමනු ලැබූ හෝමූස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කිරීමටය. තවමත් ඒ කිසිවක් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතරේ පැහැදිලි එකඟතාවක් නොමැත.
ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ සටන් විරාමය අවසන් වූ පසු ඉරානයේ යටිතල පහසුකම්, පාලම්, ජල පිරිපහසු සහ බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකන් හමුදා සූදානම් බවත්ය. ඉරානයට අයත් කාර්ග් දූපතට පහර දී එය අත්පත් කර ගැනීමටත්, ලොඩබිම් සටන් සඳහා ඉරානයට හමුදා යැවීමටත් තමන් සූදානම් බව ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
ඇමෙරිකාව සමග යුද්ධයකට තමන් බය නොමැති බව පවසමින් ඉරාන වැසියන් තෙහෙරාන් අගනුවරට එක් රැස් වූයේ ට්‍රම්ප්ගේ සටන් විරාමය අවසන් වීමට නියමිතව තිබියදීය. සටන් විරාමය දීර්ඝ නොකරන බව ට්‍රම්ප් තරයේ පවසා ඇත.
‘ඇමෙරිකාව කෙරෙහි කිසිදු විශ්වාසයක් තබන්න අමාරුයි. ඇමෙරිකාව ඉරානයට පහර දෙන්න පටන් ගත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී. ඒ නිසා ඇමෙරිකාව හෝ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ විශ්වාස කරන්න අමාරුයි. අප යුද්ධයට බය නැහැ. අවුරුදු ගණනක යුද්ධයකට අප සූදානම්’ යැයි ඉරාන රජයට සහාය දක්වමින් තෙහෙරාන් අගනුවරට රැස්වුණු වැසියෝ එක හඬින් කෑ කෝ ගසන්න වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd