පාකිස්තානයේ මැදිහත්වීමෙන්, එරට ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ඉරාන දෙවැනි වටයේ සාකච්ඡා සඳහා නියෝජිතයන් යැවීම කෙරෙහි තමන් තවමත් උනන්දුවක් දක්වා නොමැති බව ඉරානය පවසයි.

‘ඇමෙරිකාව හෝමූස් අවහිර කිරීමට නාවික හමුදාව යොදවා තිබෙනවා. ඒ අවහිර කිරීම් වහා බවත් කරන තුරු අප ඇමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට උනන්දුවක් දක්වන්නේ නැහැ’ යැයි ඉරානය අවධාරණය කර ඇත.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, පාකිස්තානයේ පැවැත්වෙන දෙවැනි වටයේ සාකච්ඡා සඳහා නියෝජිතයන් කණ්ඩායමක් යැවීමට තමන් සූදානම් බවය. පළමු වටයේ සාකච්ඡා සඳහා ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස්ය. එම සාකච්ඡා අසාර්ථක විය.

දෙවැනි වටයේ සාකච්ඡා සඳහා වැන්ස් සහභාගී වෙනවා ද නැද්ද යන්න පිළිබඳ තවමත් කිසිවක් වාර්තා වී නැත.