
යුද උණුසුම හේතුවෙන්, ඇමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබ සිටින ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලියට අවස්ථාව ලබා දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
කෙසේ නමුත් ඉතාලි රජය එම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය. ඉතාලි ක්‍රීඩා අමාත්‍ය ඇන්ඩි්‍ර අබෝඩි ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙනුවට ඉතාලි කණ්ඩායම තරුග කිරීමට සැලැස්වීම කිසිසේත් උචිත නොවන බවය.
ලෝක කුසලානයකට සුදුසුකම් ලැබීම ක්‍රීඩා පිටිය තුළ දක්ෂතා මත සිදු විය යුත්තක් මිස කාගේවත් බලපෑමක් මත සිදු නොවිය යුතු බවය. මෙම ආන්දෝලනාත්මක යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතකු වන පාඔලෝ සැම්පොලි යැයි ද පැවැසෙයි.
එම යෝජනාව හරහා ඉරානය තරගාවලියෙන් ඉවත් කර සිවුවතාවක් ලෝක ශූරතාව දිනූ ඉතාලියට ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd