
ඉරානය මට්ටු කිරීමේ අරමුණින්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිවිසුම අවහිර කිරීමට යෙදවූ ඇමෙරිකන් නාවික හමුදා බලඇණි ආපසු ගෙන්වා ගැනීම කෙරෙහි තමන් සලකා බලමින් සිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ සිටියේ, ඔහුගේ ‘නාවික අවහිරතාව’ ඇමෙරිකා ඉරාන සාමකතාවලට බාධාවක් වීමත් සමගය. ඉරානය සමග පැහැදිලි එකඟතාවක් ඇති කරගත් සැණින්, අරාබි මුහුදේ සිට හෝමූස් අවහිර කරමින් සිදු කරන ඇමෙරිකන් නාවික හමුදා කටයුතු වහා නවත්වන බව ට්‍රම්ප් පවසා ඇත.
‘නාවික අවහිරතාව’ ඉවත් කර, ඉරාන නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතරේ සාමකතා පැවැත්වීමට ඉඩ සලසා දෙන්නැයි පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමතුමක් දී ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකා ඉරාන සාම සාකච්ඡා සඳහා මැදිහත් වී සිටින්නේ පාකිස්තානයයි. ඒ, පාකිස්තානය ඉරානය සමගත්, ඇමෙරිකාව සමගත් යහපත් සබඳතා පවත්වන බැවිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd