ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු පවන බැරැක් ඔබාමා සහ නිව්යෝක් නුවර නගරාධිපති සොහ්රාන් මම්දානි අතරේ සුහද හමුවක් පසුගියදා පැවැත්විණි. ඔබාමා මෙන්ම, මන්දානි ද ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ය. 

ඔබාමා, නිව්යෝක් නගරාධිපතිවරුයා හමුවූයේ ඔහුට සහාය පළ කරන බව පවසමිණි. දෙදෙනා එක් වී පෙර පාසල් දරුවන් පිරිසක් හමුවීමට ගොස් එම දරුවන්ට කවි කතන්දර කියා දුන් අතර, නිව්යෝක් නුවර පිළිකා රෝහලකට ගොස් පිළිකාවෙන් පීඩාවිඳින දරුවන් පිරිසකගේ සුවදුක් විමසා බැලීමට ද අමතක කළේ නැත.

මම්දානී මුස්ලිම් සම්භවයක් ඇත්තෙකි. මුස්ලිම් සම්භවයක් ඇති අයකු නිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වුණු පළමු අවස්ථාව මෙයයි. මම්දානී නගරාධිපති ධුරයට තේරී පත් වී පළමු දින 100 පසුගිය දා සම්පූර්ණ කළේය. මම්දානී, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටී.