චීන ජනාධිපති ෂී ජින්පිං එළඹෙන සරත් සෘතුවේදී අමෙරිකා එක්සත් ජනපදයේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම සංචාරය සිදුවන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා චීන සංචාරය අතරතුර සිදු කරන ලද නිල ආරාධනයකට අනුවය.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ යැයි පැවැසෙයි.