ඇමෙරිකා ඉරාන යුද්ධය අතරතුරේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රහස් සංචාරයක නිරත වුණැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 

මම අනාවරණයත් සමග ඉරානයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට දැඩි විරෝධයක් එල්ල වී ඇත. පැතිර යන එම වාර්තා සම්බන්ධයෙන් එමීර් රාජ්‍යය ද පැහැදිලි කිරීමක් කර ඇත. එමීර් රාජ්‍යයේ නිල පුවත් ඒජන්සිය නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායලය සමඟ පවතින සබඳතා ප්‍රසිද්ධ ඒවා මිස රහසිගත ගනුදෙනු නොවන බවය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, එමීර් රාජ්‍යයේ රහස් සංචාරයක නියැලු බව ප්‍රසිද්ධියට පත්වූයේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙනි. 

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට දිගින් දිගටම බෝම්බ හෙලමින් ප්‍රහාර එල්ල කරද්, නෙතන්යාහු සහ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් අතර රහසිගත හමුවක් පැවැත්වූ බවත්, එය දෙරට අතර සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් බවත් එම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය එම ප්‍රකාශය හරහා සිදු කර තිබුණි.

හටගත් මෙම මතභේදාත්මක තත්ත්වය හටගන්නේ ඉරාන තර්ජන හමුවේ ඊශ්‍රායලය සහ එමීර් රාජ්‍යය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින පසුබිමකය. 

ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ඊශ්‍රායලය විසින් අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධති එමීර් රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති බව ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති මයික් හකබී ද මෑතකදී තහවුරු කළේය. 

ඉකුත් මැයි 5 වැනිදා ඉරානය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් පසු නෙතන්යාහු ඇතුළු කලාපීය නායකයන් කිහිපදෙනෙකු එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුම් ලබා දී සිය සහයෝගය පළ කර තිබුණි. පෙබරවාරි අග භාගයේ ආරම්භ වූ යුදමය ගැටුම්වලින් පසු අප්‍රේල් 8 වැනිදා සිට ඉරානය සහ ඇමරිකාව අතර බිඳෙනසුලු සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර, මෙම දේශපාලන වාතාවරණය තුළ ඊශ්‍රායල අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය අවධානයට ලක්ව ඇත.