කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ පැතිර යන නව ඉබෝලා වසංගත තත්ත්වයෙන් 65 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

අප්‍රිකා සෞඛ්‍ය ඒජන්සිය, කොංගෝවේ නැගෙනහිර ඉටුරි පළාතේ එබෝලා වසංගත තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

අප්‍රිකා රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි, ප්‍රධාන වශයෙන් මොන්ග්වාලුසහ රවම්පාරා (Rwampara) යන ප්‍රදේශවලින් රෝගීන් 246ක් සහ මරණ 65ක් වාර්තා වී ඇත.

මියගිය පිරිස අතරින් සිව්දෙනෙකු රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගීන් බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා ඇත.