
රංගනයට සමුදී දේශපාලනයට පිවිස තමිල්නාඩු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා, තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති ලෙස දිවුරුම් දුන් විජේ, පසුගිය මැයි 14 වැනිදා තිරගත වීම් ආරම්භ කළ ‘කුරුප්පු’ දෙමළ චිත්‍රපටය සම්බන්ධයෙන් ගත් තීරණය මේ වනවිට කාගේත් අවධානයට ලක් වී ඇත.
‘කුරුප්පු’ චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් උදෑසන 9 ට පැවැත්වීමට මහ ඇමැති විජේ විශේෂ අවසරයක් දී ඇත. ඒ, ‘කුරුප්පු’ චිත්‍රපටයේ සාර්ථකත්වය සැලකිල්ලට ගිනිමිනි. තමිල්නාඩුවේ උදෑසන දර්ශන වාර මේවනතුරු තහනම් කර තිබුණි. ඊට හේතුව සිනමා ලෝලන් උමතුවෙන් සිනමාහල්වලට එක්රොක් වීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීම ගැටලුවක් බැවින් මෙන්ම ප්‍රාන්තයේ නීතිය හා සාමය සුරැකීම කළ යුතු බැවිනි.
නව මහ ඇමැති විජේගේ නියෝගයට අනුව, ‘කුරුප්පු’ චිත්‍රපටයේ පමණක් උදෑසන නවයට දර්ශනවාර පැවැත්වෙනු ඇත.‘කුරුප්පු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වන්නේ තවත් ජනප්‍රිය සුපිරි නළුවකු වන සූර්යා සහ ජනප්‍රිය නිළියක වන ත්‍රීෂා ය. චිත්‍රපටය ආර්.ජේ. බාලාජිගේ අධ්‍යක්ෂණයකි. ‘කුරුප්පු’, සූර්යාගේ තවත් ක්‍රියාදාම චිත්‍රපටයකි.
විජේ මැතිවරණය ජයග්‍රහණය කළ අවස්ථාවේදීත්, ඔහු දිවුරුම් දුන් අවස්ථාවේදීත් ත්‍රීෂා, විජේ අසල සිටීම ඕපාදූප පුවත් රැසක් ද නිර්මාණය කළේය. ලබා දුන් මෙම විශේෂ සහනය සම්බන්ධයෙන්, චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම, එක්ස් ගිණුම ඔස්සේ නව මහ ඇමැති විජේට ස්තුති කර ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd