
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ඔහුගේ හිටපු සහායිකාවක අතර පැවති බව කියන රහස් සම්බන්ධයක් පිළිබඳ වාර්තාමය වැඩසටහනක් සම්බන්ධයෙන් පනවා තිබූ අධිකරණ තහනමක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට මාධ්‍යවේදීන් දෙදෙනකුට සිරදඬුවම් හිමිවී ඇත.
‘අදදු’ පුවත් වෙබ් අඩවියේ සේවය කරන මාධ්‍යවේදී මොහොමඩ් ෂහ්සාන් හට දින 15 ක සිරදඬුවමක් සහ මාධ්‍යවේදී ලීවාන් අලි නසීර් හට දින 10 ක සිරදඬුවමක් මෙලෙස මාලේ අපරාධ අධිකරණය විසින් නියම කර ඇතැයි පැවැසෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින අතර, ජාත්‍යන්තර පුවත්පත් සම්මේලනය පවසා ඇත්තේ, මෙය මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතල තර්ජනයක් බවයි. එමෙන්ම මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පෙන්වා දෙන්නේ ගවේෂණාත්මක පුවත්පත් කලාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව දඬුවම් පමුණුවන ආකාරයේ පිළිවෙතක් අනුගමනය කරන බවය.
මෙම නඩුවට පාදක වී ඇත්තේ ඉකුත් මාර්තු 28 වැනිදා අදාළ පුවත් වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත් කළ ‘අයිෂා‘ නැමති වාර්තාමය වැඩසටහන යැයි පැවැසෙයි.
එහිදී ජනාධිපති මුයිසු සමඟ ඉතා සමීප ඇසුරක් පැවැත්වූ බවට කාන්තාවක චෝදනා කර තිබූ අතර, 47 හැවිරිදි තිදරු පියෙකු වන ජනාධිපතිවරයා එම චෝදනා පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත්, රජයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ් මෙම විවේචන ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, මෙය හුදෙක් නීතිමය ක්‍රියාවලියක් පමණක් බවත්, මෙය මාධ්‍ය නිදහසට එල්ල කළ ප්‍රහාරයක් ලෙස අර්ථකථනය කිරීම දේශපාලන අරමුණින් සිදුකරන අසාධාරණ ප්‍රකාශයක් බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd