
ඇමෙරිකා සිවිල් නඩුවක එකඟතාවකට පැමිණීමත් සමග, ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව පවරා ඇති අපරාධ වංචා නඩුව ඉවත් කර ගැනීමට ඇමෙරිකානු බලධාරීන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකානු ආර්ථිකය තුළ ඩොලර් බිලියන 10ක ආයෝජනයක් කිරීමට පොරොන්දු වී ඇති ගෞතම් අදානිට එරෙහිව පවරා ඇති මෙම අපරාධ වංචා චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඉතා ආසන්න මට්ටමක පසුවන බව වාර්තා වේ.
ඉන්දීය රජයේ නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ යැයි පවසමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවරා තිබූ අදාළ සිවිල් වංචා නඩුව ද අධිකරණ අනුමැතියට යටත්ව විසඳා ගැනීමට අදානි කටයුතු කර ඇත.
අපරාධ චෝදනා ඉවත් කර ගැනීම මතු වූයේ, අදානිගේ නීතිඥ රොබට් ජියුෆ්‍රා පසුගිය මාසයේ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය.
නඩුව පවතින තාක් කල් අදානිට අදාළ ආයෝජනය සිදු කළ නොහැකි බව ඔහු එහිදී අවධාරණය කර ඇත. විශේෂත්වය වන්නේ මෙම නීතිඥවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද පෞද්ගලික නීතිඥවරයකු වීමය.
2024 වසරේ ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු, අමෙරිකාව තුළ රැකියා 15,000ක් උත්පාදනය කරමින් ඩොලර් බිලියන 10ක් ආයෝජනය කරන බවට අදානි ප්‍රසිද්ධියේ පොරොන්දු වී ඇත.
නීතිඥ රොබට් ජියුෆ්‍රා කරුණු දක්වමින්,ර වැඩි වශයෙන් තර්ක කර ඇත්තේ මෙම නඩුව දුර්වල බවත්, එයට නිසි අධිකරණ බලයක් නොමැති බවත් සහ සාක්ෂි හිඟ බවත්ය.
ඇමෙරිකන් ඩොලර් බිලියන 10ක ආයෝජනය නඩුවට බලපෑමක් නොකරන බව ඇතැම් පැමිණිලි මෙහෙයවන නිලධාරීන් පැහැදිලිව ප්‍රකාශ කර ඇතත්, අනෙක් නිලධාරීන් එය දෙස වෙනස් අයුරකින් බැලුවේද යන්න පැහැදිලි නොමැත.
ට්‍රම්ප්ට පෙර හිටපු ඇමෙරිකන් ජෝ බයිඩන්ගේ පාලන සමයේදී ෆෙඩරල් අභිචෝදකයින් විසින් ගොනු කරන ලද ඉහළ පෙළේ අපරාධ නඩු අත්හැර දැමීමට ට්‍රම්ප්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව උත්සාහ කරන නවතම අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.
2024 නොවැම්බර් මාසයේදී බෘක්ලින් හි ෆෙඩරල් අභිචෝදකයන් අදානිට චෝදනා නැගුවේ, ඉන්දියාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය සංවර්ධනය කිරීමේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ නිලධාරීන්ට ඩොලර් මිලියන 265ක අල්ලස් ලබාදීමට එකඟ වූ බවටය.
අදානි සහ ඔහුගේ අනෙකුත් සගයන් දූෂිත ක්‍රියාවන් ණය දෙන්නන්ගෙන් සහ ආයෝජකයන්ගෙන් සඟවා ඩොලර් බිලියන 3කට වඩා වැඩි ණය සහ බැඳුම්කර ලබාගෙන ඇති බව අභිචෝදකයෝ එම අවස්ථාවේදී පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, අදානි සමූහය මෙම චෝදනා පදනම් විරහිත බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd