
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටවල් 5 ක සංචාරයක් ආරම්භ කර තිබේ.
මැයි 15 සිට 20 දක්වා සිදු කෙරෙන මෙම සංචාරය මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවල් ආවරණය කෙරෙයි.
බටහිර ආසියාවේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය, අස්ථාවර ගෝලීය සැපයුම් දාමයන් සහ තාක්ෂණික ආධිපත්‍යය සඳහා පවතින දැඩි තරඟකාරිත්වය හමුවේ ඉන්දීය අගමැති මෙම සංචාරය ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ බලශක්ති අනාගතය සුරක්ෂිත කරගැනීම, උපායමාර්ගික හවුල්කාරිත්වයන් පුළුල් කිරීම සහ යුරෝපය පුරා පවතින උසස් තාක්ෂණයන් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවද වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd