
ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඉකුත් මාර්තු මාසයේ ආරම්භයේ ආරම්භ කළ යුද මෙහෙයුම් හේතුවෙන්, මියගිය ලෙබනන් වැසියන් ගණනමේ වනවිට3,000 සීමාව පසු කර ඇත. මේ බව නිවේදනය කර තිබෙන්නේ ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයයි.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අත්රේ සටන් විරාම සාකච්ඡා පැවැත්වුවත්, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වී නැත.
ඇමෙරිකාව, ඊශ්‍රායලය එක් වී ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග ඉරානයට සහාය දක්වන හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමත් සමග ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා අතරේ ගැටුම් ඇවිලී ගියේය.
මේ අතර, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඊශ්‍රායල නියෝජිතයටන් සහ ලෙබනන් රජයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඇතිකරගත් සටන් විරාමය තවත් දින 45 ක් දීර්ඝ කිරීම ඉකුත් සතිඅන්තයේ සිදුවිය. මෙම සටන් විරාම සාකච්ඡා සදහා හිස්බුල්ලා නියෝජනයක් සිදු නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd