
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව , කෙන්යාව පුරා ක්‍රියාත්මක වන වැඩවර්ජනවලට සමගාමීව හටගත් විරෝධතා හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 30 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
ජීවිත හානි සිදුවූයේත් තුවාල වීම් සිදුවූයේත් කලහකාරී ලෙස හැසිරුණු විරෝධතා පාලනයට කැරැලි මර්දන පොලිසිය යෙදවීමත් සමගය. විරෝධතාකරුවෝ ප්‍රධාන මාර්ග අවහිර කරමින් සහ ටයර් පුළුස්සමින් මාර්ග බාධක යෙදීමට කටයුතු කළහ.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 348 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව කෙන්යාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කිප්චුම්බා මුර්කොමෙන් මහතා වැඩිදුරටත් තහවුරු කර තිබේ.
කෙන්යානු බලධාරීන් විසින් එරට ඉන්ධන මිල සියයට 20කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවමින් ඉතිහාසයේ වාර්තාගත ඉහළම මිල සීමාවන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම වැඩවර්ජනය ආරම්භ විය.
මේ හේතුවෙන් නයිරෝබි අගනුවර ප්‍රධාන මාර්ග මුළුමනින්ම පාළු ස්වභාවයක් ගත් අතර, දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත්වූහ. පවතින නොසන්සුන් වාතාවරණය හමුවේ නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමා ඇති බවත්, පාසල් සිසුන්ට ද නිවෙස්වලට වී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
සෙසු අප්‍රිකා රටවල් මෙන්ම කෙන්යාව ද සිය ඉන්ධන අවශ්‍යතාව සඳහා ගල්ෆ් කලාපයෙන් සිදු කරන ආනයන මත බෙහෙවින් යැපෙන අතර, පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමෙරිකා ඉරාන යුද ගැටුම් හේතුවෙන් එම සැපයුම් මාර්ගවලට දැඩි බාධා එල්ල විය. .
දැනට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් අවහිර වී පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල මෙලෙස ඉහළ මට්ටමක පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd