
තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති ධුරයට පත් ජෝසප් විජේ, ප්‍රාන්තය තුළ ඉන්දීය රජය මගින් පවත්වාගෙන යන මත්පැන් අලෙවිසැල් 700 කට වැඩි ගණනක් වසා දැමීමට නියෝග කළ බව ඉන්දීය මාධ්‍ය පැවැසීය.
වසා දැමීමට නියෝග කර ඇත්තේ ‘ටැස්මැක්’ සිල්ලර මත්පැන් අලෙවිසැල් 717 කි. ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පොළවල සිට මීටර් 500 ක් ඇතුළත පිහිටි මත්පැන් අලෙවිසල් මෙලෙස වසා දැමෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
සති දෙකක් ඇතුළත තම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ද විජේ අදාළ බලධාරීන් දැනුවත් කර ඇත. විජේ මෙම තීරණය ගෙන ඇත්තේ මහජනතාවගේ යහපත සැලකිල්ලට ගනිමිනි.
වසා දැමීමට නියෝග කළ, රජය මගින් පවත්වාගෙන යන එම ‘ටැස්මැක්’මත්පැන් හල් 717 අතරේ, ආගමික ස්ථාන අසල පිහිටි මත්පැන්හල් 276 ක්, පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන අසල පිහිටි මත්පැන්හල් 186 ක් සහ බස් නැවතුම්පොළවල් අසල පිහිටි මත්පැන්හල් 255ක් ඇතුළත්ය.
මෙය තමිල්නාඩුව මත්ද්‍රව්‍යවලින් පමණක් නොව අපරාධවලින් ද තොර ප්‍රාන්තයක් බවට පත් කිරීම විජේගේ ‘තමිලග වෙට්ට්‍රි කළගම්’පක්ෂයේ මැතිවරණ පොරොන්දුවකි.
මේ වනවිට තමිල්නාඩුවේ ‘ටැස්මැක්’ මගින් මත්පැන් අලෙවිසැල් 4,765ක් පවත්වාගෙන යන අතර, විජේ වසා දැමීමට අණ දී ඇත්තේ එයින් 717 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd