යුපුන් ඔලිම්පික් පිටියට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. 30 June 2021
ශානි පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලයි තමාගේ සහ තම පවුලේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින් තමන්ට ආරක්ෂාව සලසා දෙන්නැයි ඇප මත මුදා හැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත. 30 June 2021
ආර්.එම්.වී සේවා කටයුතු සීමා යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සේවාවන් සීමා කිරීම්වලට යටත්ව තවදුරටත් පවත්වාගෙන යන බව එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි. 30 June 2021
‘‘හිතුවක්කාරී ලෙස වැව් හෑරීම අපරාධයක්‘‘ තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පුරාවිද්‍යා උපදේශක සභාව මගින් පත් කරනු ලබන කමිටුවක් කරනු ලබන අධ්‍යයනයකින් පසුව තීරණය කළ යුතු යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පැවැසූහ. 30 June 2021
දෙදරු පියා පැහැර ගත් වෑන් රථය පුත්තලමේදී පෙරළෙයි නොරචෝලේ, පනිඅඩිය ප්‍රදේශයේ දී දෙදරු පියකු පැහැරගෙන ගොස් පහරදී වෙරෙළේ දමා ගිය පිරිස ගමන් ගත් වෑන් රථය පුත්තලම දුම්රිය හරස් පාර ආසන්නයේදී පෙරළී ගොස් ඇතැයි නොරොච්චෝලේ පොලිසිය කියයි. 30 June 2021
සියයට 25කට මත්වතුර එපාවේ මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීහු පවසති. 30 June 2021
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවැසීය. 30 June 2021
කොළඹ වැඩබිම්වල ඉන්දියානුවෝ 2750ක් කොළඹ නගර සීමාවේ ඉදිකිරිම් වැඩබිම්වල ඉන්දියානුවන් 2750 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත. 30 June 2021
දුම්රිය වර්ජනයෙන් මගීන් අපහසුතාවයට දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදීමට විරෝධ පළකරමින් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 30 June 2021
මැතිසබයේ ’’වලිය’’ ගැන සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව කතානායකවරයාට ලබන සතියේදී බාරදීමට එම කමිටුව තීරණය කළේය. 30 June 2021
ඉරාකයට අපනයන කළ කසළ තේ බහාළුම් දෙකක් නැවත ගෙන්වන්න අවසර ඉල්ලයි ශ්‍රී ලංකාවේ පිරිසිදු තේ යැයි හඟවමින් ඉරාකයට අපනයනය කර ඇති කසල තේ බහළුම් දෙකක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලාංකික නැව් ඒජන්ත සමාගමකට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. 30 June 2021
‘‘අඟුලානේ මද්දා‘‘ පොලිසිය මාට්ටු මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අපරාධ රැසකට සම්බන්ධ බව කියන ‘‘අඟුලානේ මද්දා‘‘ නමැත්තා මොරටුව කල්දෙමුල්ල සී.පී ද සිල්වා මාවතේදී අද (30)අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 30 June 2021
මවක් 15 හැවිරිදි දියණිය මුදලට විකුණලා 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ඇතුළු 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 30 June 2021
නිරෝධායන නීති කැඩූ තවත් 433කට නඩු සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 433දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 June 2021
මගුල් කෑ 20ක් දින 14 නිරෝධායනයට සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 June 2021
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 June 2021
වාද්දූවේ පිරිවෙනක හිමිවරු 29කට කොරෝනා වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථාන පිරිවෙනේ විහාරාධිකාරී හිමියන්, සාමණේර හිමිවරුන් 25කට ඇතුළු 29 දෙනකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය. 30 June 2021
60 වැඩි අයට බස්නාහිර රෝහල් 45කදී අද එන්නත් ලබා දෙයි බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට රෝහල් 45කදී කෝවිඩ් මර්දන එන්නත් අද සිට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 30 June 2021
කොම්පඤ්ඤවීදිය වැඩ බිමකින් ‘‘ඩෙල්ටා‘‘ ආසාදිතයෝ දෙකක් ඩෙල්ටා සැර කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් හමුවී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 29 June 2021
කොරෝනා වැළඳුණු ගැබිනි මවුවරු 12ක් මිය ගිහින් ගර්භනී මවුවරුන් දොළොස් දෙනකු කොරෝනා වැළඳීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 29 June 2021
කොරෝනා ආසාදිත තවත් 389ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 389 දෙනෙක් අද (29) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 29 June 2021
පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට සහ එමගින් පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල ඉවත්කිරීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිරිබත්ගොඩ නගරයේදී අද (29) උද්ඝෝෂණයක් පැවැත්වූහ. 29 June 2021
කිලෝ 15ක පැති බෝම්බයක් පුදුමාතලෙන් සොයාගනී මුලතිව් පොලිස් වසමට අයත් පුදුමාතලන් චලේ ප්‍රදේශයේ කැලෑවක තිබී කිලෝ 15 ක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් සහ අත්බෝම්බ දෙකක් නාවික හමුදා කණ්ඩායමක් විසින් අද (29) සවස සොයාගන්නා ලදී. 29 June 2021
පොලිස් බස්වලින් ඩීසල් ඇද්ද පොලිස් රියදුරෝ 2ක් මාට්ටු පොලිස් නිල බස් රථවලින් ඩීසල් හොරෙන් ලබාගෙන විකිණීමේ ජාවාරමක නිරතව සිටි පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (29) අත්අඩංගුවට ගත්තේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 June 2021
කොවිඩ් මරණ 3,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 June 2021
කොළඹ නීතිඥ සංගමයෙන් නිවේදනයක් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය (කලම්බු ලෝ සොසයිටි) නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි. 29 June 2021
චන්දකිත්ති හිමියෝ මුලතිව් ගමකට නෑ ගම් යති මුලතිව් මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ජිවත්වන පවුල් 250කට අවශ්‍ය ආහාර පානාදිය රැගෙන තලල්ලේ චන්දකිත්ති හිමියෝ එම ගම්මානයට වැඩම කළහ. 29 June 2021
විශ්ව විද්‍යාල සිසුන්ටත් එන්නත් දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විශ්ව විද්‍යාල යළි ආරම්භ කරන ලෙසත් උපකුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළ බව ද එම අමාත්‍යංශය සඳහන් කියයි. 29 June 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,320ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,320 දෙනෙක් අද (29) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,56,828 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 29 June 2021
නිරෝධායන නීති සිංහලෙනුත් ඉල්ලයි නිරෝධායන පනත සහ කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරන චක්‍රලේඛන සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් මෙන්ම ජනතාව ද විශාල ගැටළුවකට මුහුණ පා ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි. 29 June 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026