(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව පත්වූ දවසේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට අඩුවක් නැතිව සැප ලැබුණු බවත්, 69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය .
ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම බවත් ලුණුගම්වෙහෙර නගරයේ පැවති ජනදුක විමසන "මනුශ්‍යත්වයේ චාරිකාව"ට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ " පවුල් පාලනය රටේ විනාශය" කැමති අත්පත්‍රිකාව ද එහිදී ඔවුන් අතර බෙදා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායකතුමාගේ කතාව සහතික ඇත්ත. අද 69 ලක්ෂය තියා ඡන්දෙ දීපු කෙනෙක් හොයාගන්නත් නැහැ. මුළු රටේම ආණ්ඩුකරණයක් නැතුව මුළු පරිපාලනයම බිඳවැටිලා තියෙන්නේ. මේ ඇමතියෝ කියන ගොන් කතා අහලා මිනිස්සුන්ට මළපැනලා ඉන්නේ. තවත් රට ඉස්සරහට යන්න බැහැ... නම්බු පිටින් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න තියෙන්නේ...
දැන් ලක්ෂ 69ට ඇප නැතිවුණාට සජබේට, එජාපෙට ජෙප්පන්ට දුන්නා නම් මේ වෙනකොට අපි එල්ලිලා කුණුවෙලා කපුටන් ඔලුවේ ඉඳගෙන ඇස් උගුල්ලනවා. නැවත දෙන්නෙත් රාජපක්ෂලාට. දන්න යකා, නොදන්නා සුරදූතියට වැඩිය හොඳයි. එජාපයින් හම්බයින්ට කළා මිස සිංහලයින්ට වැඩක් කළේ නැත. හේතුව සජබය ගොඩේ කෙසෙල්වත්තේ උප්පත්තිය ලැබීමයි.
මෙයාගෙ කතාවක් අහන්නත් හරි ආසාවෙන් ඉන්නෙ.. හා හා..
69 ලක්සෙට ඇප නෑ කියන්නේ ඉතුරු ටිකට ඇප තියෙනවා කියලා හිතන් වෙන්න ඇති .ඔය වගේ තකතීරු කතා පෝලිමක් කීව නිසා තමයි එදා මිනිස්සු තමුන්ට චන්දය නොදුන්නේ.ඊලග පාරත් ඊට වඩා දෙයක් වෙන් නෑ.මෙයාලගෙයි,ඔයාගෙයි වෙනසක් තියෙනවා කියලද හිතන් ඉන්නේ.
69 ලක්ෂය කියන්නෙ පක්ෂයක් හෝ පුද්ගලයෙක් බදාගෙන නොසිටින , හරි දේ.හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින අපක්ෂපාතීී රටට දැයට සමයට ආදරය ඇති ජනතාව. ඔවුන් අවධියෙන්. මේ ආණ්ඩුව හොඳ නැත්නම් අවස්ථාව ලැබුණු විගස වඩා සුදුසු පුද්ගලයින්ව පත් කර ගත යුතුයි . කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න නම් නොවෙයි.
ඊලග ඡන්දෙදි කවුරු දිනයිද දන්නේ නෑ. ඒත් මෙයාවත් චම්පිකවත් අනුර කුමාරවත් කිසි දිනෙක පාලකයා වෙන්නේ නෑ. මේ අයගේ ඇත්ත තත්වය ජනතාව දන්නවා
ඔයාට කොහොමත් ඇප නැහැ......
69 ලක්ෂයක් වන ඡන්ද දායකයින් යහපාලනය හොඳ නැති නිසා තමයි ගෝඨාභය මහත්තයා ජනාධිපති කළේ. දැන්පිටසක්වලින් ආවා වගේ කථා කරන්න එපා. ඔබතුමන්ලා හොඳට කළා නම් ජනතාව වෙන කෙනෙක් පත් කරන්නේ නැහැ. ආයෙත් ඔබතුමන්ලාටම දෙන්න කියලාද කියන්නේ..?. දැන් සුදුස්සෙක් පේනතෙක් මානයක නෑ. මේ තියෙන තැනින් රට ගොඩනගන්න. අපේ රටේ නැද්ද, උගත්, වියත් මිනිස්සු රජයක් පිහිටුවන්න. මේ දෙගොල්ලට බැන බැන ඉන්නේ නැතිව... මිනිස්සුන්ට දැන් ඕනේ ලොකු වෙනසක් ඒක තේරුම් ගන්න. රටට ආදරේ ඇති පිරිසක් ඉදිරියට එන්න අපි සූදානම්... ජය නියතයි... තෙරුවන් සරණයි.
මේ පුතාණෝ ඇතුළු හෙංචයියෝ කියන කතා ඇහුවාම 69 ලක්ෂය 79 ලක්ෂයක් වෙනවා සිකුරුයි. යහපාලනය කාලේ කරපු දේවල් හොඳට මතකයි. රට කාබාසිනියා කරපු හෙංචයියෝ... අද කතාකරනවා රට ගොඩගන්න විදිහ ගැන. කොහෙන් හිනාවෙන්නද මන්දා...?
දුප්පතාගේ හිතවතාට ජයවේවා... !!!
ඇප නෙමෙයි, මොනවා නැති වුණත් ඔයාට දෙන්නැහැ... මොලයක් තියෙන මනුස්සයෙක්...
ඒ ගොල්ලන්ට නං ඇප නෑ තමයි... හැබැයි ඔයාටත් ඇප නෑ.. ඔයා ළඟත් හොරු ඉන්නවා.. දැන් නිකං පම්පෝරි ගැහුවාට ඔයා බලයට ආවට පස්සේ ඔයාට කරන්න වෙන්නේත් හොරුන්ටයි.. හොරුන්ව ආරක්ෂා කරන එකයි. රටට නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබලා වගේ අය නොවෙයි... වෙනසක් නෑ හැමෝම එකයි. අපි ඊට වඩා වෙනස් විදියේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙලා ඉන්නවා.
කොමෙන්ට්ස් දාන බමුණා දූෂිත පවුල් පාලනේ වහලෙක් විය යුතුයි .. හරිදේට එකග වෙන එකත් කවුරු කළත් වැරදි දේ වැරදි විදියට පිළගන්ඩ තරම් මොළයක් නැති අන්දබාලයෙක් .
ගමයෝ, කියන දෙයක් පිළිගතහැකි ආකාරයට හේතු සාධක ඇතිව කියන්න. ජෙප්පන්ගේ න්‍යාය අපිට හරි නැහැ. රාජපක්ෂලා රටට කරපු සේවාව, යුද්ධය නිමා කෙරිල්ලේ සිට පාසල්වලට විද්‍යාගාර දීම දක්වා අංක දාලා ලියා ඇති. 1977න් පසුව එවන් සේවයක් කරපු තව නායකයෙක් කියන්න. මට කියන්න කාරණා තිබෙනවා.. ගමයාට කියන්න මොනවද තිබෙන්නේ? රාජපක්ෂට හොරා කීම අනික් ගොයියන් අවංකයි කීම නොවේ. රාජපක්ෂට බැහැයි, අනිකාට පුළුවන් කීම නොවෙයි. රාජපක්ෂට බැහැයි කියලා අරගෙන රනිල් කෙරුවාද? ගමයෝ හිතාගෙන ඉන්නේ එහෙමයි. කොමිස් නොගහපු දේශපාලකයා කව්ද? සමහරු ඒ කාලේ ඇපල් වතු ගත්තා. සමහරුන්ට චෞරරැජින කියලා පොත් ලිව්වා.