
මෙරට නිල විදේශ සංචිත ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මේ වසර අවසානයේ දී ද මෙරට නිල සංචිත ප්රමාණය එම තත්ත්වයේ ම පවතිනු ඇතැයි ද හෙතෙම කියයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වෙයි.
“මීට පෙර කරන ලද දැනුම්දීම් සහ නිවේදන අනුව යමින්, ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිත ප්රමාණය අද ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ළඟා වුණා. මේ වසර අවසානයේදීත් සංචිත ප්රමාණය එම අගයේම පවතිනු ඇත.”
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් පච කියන්නේ නැතිව ඉන්න හලෝ... එළියට නම් බහින්න එපා... හෙණ 7ම වදිනවා ශුවර්..
පාටි දාන්නයි තියෙන්නේ සංචිතේ වැඩිවුණා කියලා... මෙහෙ මිනිස්සු පෝලිම්වල බඩු ගන්න. බලාගෙනෙයි එළියට බහින්නේ... මිනිස්සු බලන් ඉන්නවා තමුන්ගෙ සැපදුක් අහන්න...
චීනෙන් ණය අරගෙන ඩොලර්වලින් අගය පෙන්නුවට ලෝකෙ රවට්ටන්න බෑ.
කිව්වා වගේමයි කෙරුවාවත්. හැබැයි ණය අරගෙන සංචිත ඉහල දැම්මම කවදාහරි ණයයි පොළියයි දෙකම ගෙවන්න වෙනවා.
මේ ණය කොහෙන්ද? පොලිය කීයද? කොන්දේසි මොනවද? වහාම රටට කියන්න. මේ ණය ඔක්කොම ගෙවන්න වෙන්නේ අපිට...
රට වැටෙයි වැටෙයි කියලා බලන් හිටපු අයට නම් අමාරු ඇති. දැන් ආයෙත් සංචිත වැඩිවෙලා ආර්ථිකය දියුණු වන සුබ ලකුණු පේනවා.
අනේ බොරු නොකියා ඉන්න..
කොහෙන් හරි ණයක් අරන්, ඒක අපේ සංචිත කියලා පෙන්නුවාම හරිද? ඔය කරන්නේ අපි අපිවම රවටා ගැනීමක් පමණයි. ඕක තමා පසු ගිය අවුරුදු 15 දීම වුනේ...
ග්රීසියෙන් ලැබුණු පගාව දැන්ද එළියට දැම්මේ...
බිලියන 100 විදෙස් සංචිතය ඉහළ ගියත් දේශපාලකයින්ට හෝ රටට සුඛෝපභෝගී වාහන, තොරොම්බල් බඩු ගෙවන්න එපා. මරුටියක් හොඳටම ප්රමාණවත්...
රට බංකොලොත් කරලා දැන් කයිවාරු ගහනවා. හැකිනම් තනියම පාරේ ඇවිදගෙන යන්නකෝ.
ඕඩර් කරලා වරායට ගෙනත් තියෙන බඩුවලට සල්ලි නොගෙවා ඇත්තේ තියෙන ගොඩ ලොකු කරලා පෙන්වන්න... මැජික් කබ්රාල්....
ලැජ්ජා නැද්ද? බංගලිදේශයෙන් ණය අරන් අපේ මුදල් ලෙස පෙන්නනවා. මහා බේගල් තමයි කියන්නේ.. මේ අය රෙදි ඇඳගෙනද ඉන්නේ... කෙබර රාලලා...!!!
මූලාශ්රය හෙළි කරන්න. නයිජීරියාවෙන් ගෙනාවා!
හානේ, මේ ටික දවසට අපනයන ආදායම වැඩි කරලා, රටේ නිෂ්පාදනය වැඩිකරලා එහෙම වෙන්න ඇති නේද විදෙස් සංචිත වැඩිකළේ..? නියමයි... වෙන රටවල් වගේ ණය ගෙවන්න තව ණය අරගෙන නෙමෙයි නිසා අපේ ආචාරය..!
මොකද පාරේ තනියම යන්න බය. රවීන් ඔහෙට වෙන්නේ පාර අතුගාගෙන ඉදල පැත්තකින් තියලා ආ සර් කොහොමද කියන්න. වෙන මොන මගුලක් කරන්නද? කබ්රාල් ඔහේව අමුඩයට ගනී...