(යොහාන් භාසුර)

ආනයනික සහල් කන්ටේනර් 300 ක් පමණ නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බවත් ඩොලර් ලැබෙන්නේ නම් එම කන්ටේනර් නිදහස්කරගත හැකි බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසීය.

එම කන්ටේනර් නිදහස්කරගැනීමට අද (29) දිනයේ ඩොලර් නිදහස් කරන බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොරොන්දු වූ බවත් ඩොලර් ලැබෙන්නේ නම් ඉන්දියාවෙන් ඉතාමත් ඉක්මණට සහල් ගෙන්වාගත හැකි බවත් සෙනවිරත්න මහතා වැඩි දුරටත් කීය.