(ඩයනා උදයංගනී)
සංචාරකයන් 69,941 දෙනෙකු මෙම මස දින 1 වැනිදා සිට 26 වැනිදා දක්වා ගතවූ දින 26 ක කාලයේදී මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම වසරේ ගතවූ කාලයෙදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 174,930 ක් බවත්, ඉකුත් ඔක්තෝම්බර් මස සංචාරකයන් 22,771 ක් සහ නෙැවැම්බර් මස සංචාරකයන් 44,294 ක් පැමිණ ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මෙම මස මුල් දින 26 තුළ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රෙිලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බවත්, සීත සෘතුව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින්, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළ රටවලින් සංචාරකයන් වැඩි පිරිසක් පැමිණි තිබිම විශේෂත්වයක් බවත් ඇමතිවරයා කීය.
රැසියානු සමුහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 ක්, එක්සත් රාජධානියෙන් 6,819 ක්, ජර්මනියෙන් 4,131 ක්, ප්‍රංශයෙන් 2,313 ක් සහ යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනකු පැමිණ ඇතැයි ඇමතිවරයා සදහන් කළේය.
රුසියාවේ එයාර්ෆ්ලොට් (AIROFLOT), ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් (AIR FRANCE), කසකස්ථානයේ එයාර් අස්ටානා (AIR ASTANA) වැනි ගුවන් සමාගම් මෙරට සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරිමට ද රජය ක්‍රියාත්මක කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතු වු බව ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
මීට අමතරව සංචාරකයන් වැඩිවශයෙන් පැමිණෙන ස්ථානවල පහසුකම් නංවාලීම සදහා අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කී ඇමතිවරයා අදාළ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගිත්වයෙන් එය ක්‍රියාත්මක කරන බව පැවසීය.
දිවයින පුරා පිහිටි සංචාරක කලාපවල හා සංචාරක ආකර්ෂණිය ස්ථානවල පවතින ගැටළු විසදීම ද මෙහි අරමුණක් බව ඔහු කීය.
මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති නිලාවේලි හා ඒ අවට, මාදු ගග හා ඒ අවට, ආරුගම්බේ හා ඒ අවට, ත්‍රිකුණාමලය හා එ් අවට, කල්කුඩා හා ඒ අවට, පින්නවල, දෙද්දුව, බෙන්තොට, කුච්චවේලි, කල්පිටිය, උණවටුන, මිගමුව, බේරුවල, ගල්කිස්ස, යාල හා ඇල්ල එම සංචාරක කලාප 16 ට අමතරව නුවරඑළිය, හික්කඩුව හා දෙණියාය ද ඉදිරියේදී සංචාරක කලාප ලෙස ප්‍රකාශයට පත්කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
ප්‍රධාන නගර ආශ්‍රිතව සංචාරක පහසුකම් මධ්‍යස්ථාන ඉදි කිරීමට හා දියඇලි ආශ්‍රිතව සංචාරක පහසුකම් සංවර්ධනය කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බව හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් ඇමැතිතුමෝ ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම් හරිනේ?...