
(නිමන්ති රණසිංහ)
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා උපදෙස් ලබාදී ඇතැයි එහි ලේකම් එම්. එම්. පී. කේ. මයාදුන්නේ මහතා පැවසීය.
නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කර ඇත්තේ, 2021 දෙසැම්බර් මස 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දෙසැම්බර් 27 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙම ගැසට් නිවේදනය බල රහිත කිරීමටත් පසුව සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ය.
උක්ත නිතිය ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය උනන්දු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුබ සිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නිති සකස් කිරීමට මිස භාෂණයේ නිදහට බාධා කිරීම නොවන බව ද එම නිවේදනයේ සදහන් වෙයි.
මෙම පනත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවධ පාර්ශ්වයන් විසින් පසුගිය කාලය තුළ කරුණු දක්වනු ලැබූ අතර, මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබදව විශේෂයෙන් සැලකිල්මත් විය යුතු බවද එම නිවේදනයෙන් දක්වා ඇත.
මෙම යෝජනා සැලැකිල්ලට ගනිමින් සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිතීඥ සංගමය, අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව හා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණඩලය වෙත යැවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබා දී ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හැම ගැසට් එකක්ම, කෙටුම්පතක්, නීතියක් ඕනම දෙයක් කීප වතාවක් වෙනස් කිරීමත් රජයේ මුදල් නාස්තියක් බවත් තේරුම් ගන්න බැරි තරම් අයද රට කරන්නේ කියලා හිතෙනවා. අර මේ ලඟදි ලේකම් කෙනෙක්ද කවුද හිතුමතේට ග්ලයිෆොසේට් පොහොර අනුමත කරලා දාපු ගැසට් ඒක අවලංගු කරපු එක හරි. කලින් ආණ්ඩුවක තීරණයක් වෙනත් ආන්ඩුවක් කාලයේදී ක්‍රියාත්මක කරන්න හදපු එක ඒ නිලධාරියාගේ වැරැද්දක් නිසා එය නිවැරදි කිරීම හරි. නමුත් අනික් බොහොම තීරණ සොයා බැලීම නැතුව හිතුමතයට කරලා නැවතත් නැවතත් වෙනස් කරනවා. මුදල් සහ පරිසරයත් නසනවා වගේම රජයේ කාර්යක්ෂම බවත් ඉවරයි.
මෙයට පෙර රාජ්‍ය කාලය තුළ මෙතරම් මහා පරිමාණ රිවස් කිරීම් නොතිබීමෙන් ගම්‍ය වන්නේ මේ රජයේ නිලධාරි පැලැන්තියේ අකාර්යක්ෂමතාව සහ නොසැලකිලිමත් බව මිස වෙන කුමක්ද..?
වාසුදේවට අසභ්‍ය ප්‍රකාශන සාමාන්‍ය එකක්...