(ඉන්දිකා රාමනායක)

කොවිඩ් තත්ත්වයෙන් ආරක්ෂා වීම  සදහා  බන්ධනාගාර රැඳවියන් ට   තෙවන මාත්‍රාව වශයෙන් බූස්ටර්  එන්නත ලබා දීම් අද (29) සිට  ආරම්භ කර ඇති බව   බන්ධනාගාර  මුලස්ථානය කියයි.

 කොවිඩ් මර්දන එන්නතේ  පළමු, දෙවන  මාත්‍රා දෙකම  රැඳවියන්ට  ලබා දී අවසන් බවත්, මෙම මාත්‍රා දෙකම ලබාගත් අයට   බූස්ටර් එන්නත් ලබා දීම   සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම එන්නත් ක්‍රියාවලියේ තෙවන  මාත්‍රාව වන   ෆයසිර්   එන්නත  රැඳවියන්  18453  දෙනෙක් වෙත එන්නත් කිරීමට ආරම්භ කර ඇති බවත්,  එහි පළමු අධියර වශයෙන්   කොළඹ දිස්ත්‍රිකයට අයත් වැලිකඩ,   මැගසින්,  කොළඹ රිමාන්ඩ්,  වටරැක,  මහර, මීගමුව   යන බන්ධනාගාර   වලට    පිරිස වෙත   අද  (29) සිට ආරම්භ කළ බවද  ඒකනායක මහතා කීය.

ඉදිරි දිනවල දී අනෙකුත් බන්ධනාගාරවල රැඳවියන්ට ද  එන්නත ලබා දීමට බලා පොරොත්තු වන බවද     චන්දන ඒකනායක මහතා වැඩිදුරටත්  පවසයි.