(මඩුකන්ද සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

කිලිනොච්චිය , ධර්මපුරම් කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා තිබූ අවි ආයුධ රැසක් ඊයේ(28) සොයාගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.

ධර්මපුරම් පොලිස වෙත ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය කුමාරස්වාමිපුරම් විදුහල පිටුපස ඉඩමක්තුල වලදමා තිබූ අවි ආයුධ සොයාගෙන තිබේ.

හමුවූ අවි ආයුධ අතර මිලිමීටර 12.7 හැක් හැක් වර්ගයේ ගිනි අවියක් , ආර්.පි.ජී ගිනි අවි තුනක් හා එයට යොදන උණ්ඩ දහයක් , ටි. 56 ගිනි අවි හයක් , ටි 81 වර්ගයේ ගිනිඅවි තුනක් , ටෝපිටෝ වර්ගයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිපදවන ලැබූ බෝම්බ පහක් සොයාගත් බව ධර්මපුරම් පොලිසිය පැවසීය.

මීට අමතරව ටි.81 පතරොම් රදවන ඩ්‍රම් නවයක් , පතරොම් පෙට්ටි ඇතුළු තවත් යුද උපකරන කිහිපයක් සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.

පුපුරණ ද්‍රව්‍ය හමුවූ ස්ථාන පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ කඳවුරක් පැවති ස්ථානයක් බවට තොරතුරු ලැබී ඇති බවත් හමුදා ප්‍රහාර හමුවේ පලායන ත්‍රස්තවාදීන් එලෙස අවි ආයුධ පොළව යට වළදමන්නට ඇති බවට සැකපලකරන බවද පොලිසිය පැවසීය.