(චාන්දනී දිසානායක)

කුරුණෑගල උඩවල්පොළ ප්‍රදේශයේ සුවිසල් නිවසක කාමරයක් තුළ නිදන් හාරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  

පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර කැනීම් සඳහා යොදාගත් රුපියල් ලක්ෂ පහකට වැඩි වටිනාකමින් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය එම නිවස වටලන අවස්ථාව එහි කාමරයක අඩි හයක විශ්කම්භයකින් යුතු අඩි 10 ගැඹුරුති වළක් හාරා තිබී ඇති අතර , ඉන් ඉවත්කළ පස් කාමරයෙහි එක් පසෙක ගොඩ ගසා තිබුණු බව පොලීසිය සඳහන් කරයි.

සුඛෝපභෝගි ලෙස අංග සම්පූර්ණ ව ඉදිකළ නිවස වටා තාප්ප සහ සුවිශාල ගේට්ටු යොදා ආරක්ෂා සහිතව මෙම කැනීම සිදුකර ඇති බව පොලීසිය හෙළිදරව් කරයි.

අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර මැණික්වල බර කිරීම සඳහා යොදා ගන්නා යාන්ත්‍රික තරාදියක් ඇතුළු කැණිම් සඳහා භාවිතා කරන හිල්මි යන්ත්‍ර වතුරේ ගිල්වන වතුර මෝටර් දෙකක් ,කුළුගෙඩි යකඩ ඉනි , වතුර බට ඇතුළු භාණ්ඩ තොගයක් තිබුණු බවත් අත් අඩංගුවට ගත් පුද්ලයා සතුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් නිකුත් කරන ලද බල පත්‍රයක්ද ඇති බවට පොලීසිය තහවුරු කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව කුරුණෑගල උඩවල්පො කාන්තාවක් වන අතර සැකකාර පුද්ගලයා හැටන් දික්ඔය වනරස පහළ කොටසේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි.