
(සුජිත් හේවාජුලිගේ )
කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාවේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය.
මෙම කුළුබඩු අලෙවි මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රියාකාරී තත්වයට පත් කරනු ලැබීය.
එම මණ්ඩලය මෙසේ ක්‍රියාකාරී තත්වයට පත් කෙරුණේ “ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුවය.
දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස මෙම මණ්ඩලය මෙසේ ස්ථාපනය කෙරිණ.
මෙම ආයතනය 1972 වර්ෂයේදී ස්ථාපිත කරන ලද නමුත් ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේඛනයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් වශයෙනැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ අවකාශය සලසා දීම, වෙළෙඳපොළ පර්යේෂණ, සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට විධිමත් පිළියම් ලබාදීම රජය මෙම ආයතනය පිහිටුවීමේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා කිව්වා වගේ හාල්, පරිප්පු, සීනි මිල අඩුකරන්නට මාව පත්කලේ නම් වැඩක් නැහැ කියලා... පසුව කියන්න එපා කුළුබඩු මිල අඩුකරන්නටද මාව පත් කළා නම් වැඩක් නැහැ කියලා. මෙහෙම කියන්නේ නිරීක්ෂණ චාරිකාවලින් පසුවයි..
අර කාන්තාව උසාවියේ වරදකරුවෙක් වගේ දෙකට නැමිලා ඉන්න ආකාරය බලන්න. ඔහොම දෙකට නැමෙන්න ඕනේ ඔතන බඩු ගන්න එන අයට මිසක් අපේ සල්ලී වලින් නඩත්තු වෙන මේ නාකි හිගන්නන්ට නෙමෙයි
කුළු බදු ඇමති කෙනෙක් නැති අඩුපාඩුව
හොඳ වෙලාවට ගම සමග පිළිසඳර නතර කරේ ,නැතිනම් කුණු බිත්තර තමා වදින්නේ
දැන් ඉතින් කුළු බඩුවක්වත් බලාගෙන ඉන්න. ඔයවගේ සිල්ලර වැඩක් කෙරුවොත් තමයි මෙයා. ඕක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කරන්න ඕනෑ වැඩක්... කරුණාවෙන් කියන්නේ... ඉල්ලා අස්වෙන්න..