
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඉහළ දැමීම, ජීවන වියදම ඉහළ යාම, රටේ සම්පත් විකිනීමට විරෝධය පළ කරමින් සමගි බලවේගයේ නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී අද(29) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, එස්. එම් මරික්කාර් යන මහත්වරුන් සහ වෘත්තිය සමිති නියෝජිතයින්, සමගි තරුණ බලවේගයේ නියෝජිතයින් සහ සමගි වනිතා බලවේගයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස පැයකට ආසන්න කාලයක් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.
ඉන්ධන මිල ඉහළ දැමීම, ජීවන වියදම ඉහළ යාම, රටේ සම්පත් විකිනීමට එරෙහිව සමගි බලවේගයේ නියෝජිතයන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප : ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබජ කියන්නේ මොකක්ද ඇයි අපේ පක්ෂයට නොන්ඩි දන්නෙ
සබජ කියන්නේ සමගි බලු වෙච්ච බලවේගයද?