(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (29) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ලිට්‍රෝ සමාගම මීට පෙර සාමාන්‍ය දිනකදී ගෑස් සිලින්ඩර 80,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කර වෙළෙඳපොලට මුදාහරින බව කී එම නිලධාරියා ප්‍රමිතය පිළිබඳව මතුවූ ගැටලුවත් සමඟ නිෂ්පාදන ධාරිතාව අඩකින් පමණ අඩුවී ඇති බව ද සඳහන් කළේය.
කිලෝ 5 සහ කිලෝ 2.3 සිලින්ඩරවලට ගෑස් පිරවීම ඉතාමත් අඩුවෙන් සිදුවීම නිසා කුඩා ප්‍රමාණයේ සිලින්ඩරවල හිඟය වැඩි බවත් ඉදිරි සති කීපයේදී මෙම තත්වය මගහැරෙනු ඇති බවත් එම නිලධාරියා පැවසීය.
පැරණි ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායෙන් ගෑස් ඉවත් කිරීමට විශාල කාලයක් ගතවීම නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වීමට හේතුවී ඇති බව පැවසූ එම නිලධාරියා පැරණි ගෑස් ඉවත් කිරීම සඳහා උපකරණ ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.
පැරණි ගෑස් සිලින්ඩර පිරිසිදු කිරීමට නව උපකරණ ආනයනය කිරීමෙන් පසුව නිෂ්පාදන ක්‍රියාවලිය යථා තත්වයට පත්වනු ඇති බවත් එම ගෑස් සමාගම සතුව අවශ්‍ය තරම් ගෑස් තොග පවතින බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට ස්තුතියි, අපිට උයාගෙන කන්න ගෑස් නැහැ, එළවලු නැහැ, කිරිපිටි නැහැ. අන්තිමට සල්ලි නැහැ.
පහත් නිලදාරියෝ නැද්ද.
ඉදිරි සති කිහිපය මාස ගණනාවක් මුලුල්ලේ ගෑස් තොග තිබුණට ඇති ඵලය කුමක්ද ජනතාවට ගෑස් නැතිව...? ඔලමොට්ටල පාලකයෝ.. ඔලමොට්ටල නිලධාරීන්...
රජයේ ආයතන මන්දගාමී තමයි. උපාධිය ගන්නකොට සීඝ්‍රගාමී සෘජු වෙලා, ගත්තට පස්සේ මන්දගාමී නිද්‍රාශීලී වෙලා. දැන් ලාෆ් සමාගම නැවත ගෑස් ටැංකි අරගෙන, ඉතුරුයි නම් ගෑස් බර කිරලා ඒකට මුදල් දෙනවා. ඇත්තටම රාජ්‍යය සේවය බරක්...