
(ඩයනා උදයංගනී)
පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව ඔහු පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd