
(නිමල කොඩිතුවක්කු)
ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
ගෙවීම් කාඩ්පත හඳුන්වාදීමෙන් කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනය කිරීමට හැකි වන ලෙස නීති සකස් කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වන බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා හිමිවන බවත් බස් හිමියන් මෙන්ම මගින්ද අපහසුතාවයට පත්වන බවත් ප්‍රියන්ජිත් මහතා පැවසීය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සහ දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් කීවේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස ගෙවීම් කාඩ් පත ජනවාරි දෙවන සතියේ සිට බස්නාහිර පලාත තුල ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළිනුත් ඔය වගේම කාඩ් හඳුන්වලා දීලා මේ වැඩේ කරන්න හැදුවා. හැබැයි ඒ කාලෙ අකුල් හෙලුවෙත් ගොඩක්ම මේ කොන්දොස්තරලා තමයි. ඒ වෙලාවේ ඒකට සහාය දුන්නා නම් හරිනේ...
මාරු සල්ලිවලින් මාටියා ගහන්න බැරි හින්දා හරි අමාරුයිලු...
ඒත් හොරකම... චණ්ඩිකම සහ ගෝරනාඩුව අඩුවෙන හින්දා ... බහුතර ජනතාව කැමැතියි ලොක්කා...
මේවා ලෝකෙම භාවිතාවන නවීන ක්‍රම... කොන්දොස්තර වැඩේ කරන්නෙ හොඳ නිරෝගී මිනිසුන්නේ... එයාලාට වෙනත් රැකියා හොයාගන්න පුලුවන්... මගී ජනතාව ස්වයං විනයකින් බස්රථ තුළ ගමන් කරයි...
ලෝකයේ බොහෝ රටවල්වල මේ කොන්දොස්තර රස්සාව..., ශෙඩ් එකේ තෙල්ගහන රස්සාව එහෙම ඉවරයි. මේ තරුණ ජීවිත වෙනත් ප්‍රයෝජනවත් පුහුණු රැකියාවකට යොමුකරන්න. කොන්දොස්තර රස්සාව කවුරුත් ආසාවෙන් කරන එකක් නෙවෙයි...
සර්‘ ගේ තවත් වැඩක් රිවස් වෙන්නයි යන්නේ...
මේ කාඩ්පත ඉතාමත් සුදුසුයි. මොකද පාරවල් අයිනට වෙලා කප්පම් ගන්න විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට තමයි ආදායම් නැතිවෙන්නේ. මෙයට විරුද්ධව ඇත්තේ ඔවුන් සහ සුලු පිරිසක් තමයි...
ටිකට් නොදෙන, ඉතුරු සල්ලි නොදෙන , රියදුරයි, කොන්දොස්තරයි, එකතු වෙලා ගානක් බෙදාගන්න, බස්වලින් කප්පම් ගන්න හුගක් අය මේ වැඩේට කැමති වෙන එකක් නැහැ.
රටක් දියුනු කරන්න ඕනෙනම් තාක්ශනය යොදා ගත යුතුමයි. ජනතාවට ගල් යුගයට යන්න ඕනෙ නම් මේවාට විරුද්ද වෙන්න. දූශනය නාස්තිය වැලැක්වීමේ එකම මග තාක්ෂනය යොදා ගැනීම. දැන් ඉතිං මුට්ට් කාසි කාක්කො පාරටබහියි රෙදි උස්සාගෙන.
අනිවා රස්සා නැති වෙන්නම ඕනේ. ඕක ක්‍රියාත්මක කරන්න.. හැමදාම ඉතුරු සල්ලිවලට වැඩේ දෙනවා.. මිනිස්සුන්ට කිසිම ගරු සරුවක් නෑ සත්තුන්ට වගේ කතාව.. මිනිස්සුන්ගෙ ඉතුරු සල්ලි වලින් මාටියා ගහන ඔය වගේ කුජීත රස්සා නැති කරන්නම ඕනෙ... නැත්නම් එයාලා හරියට වැදගත් විදියට රස්සාව කරන්න ඕනේ..
මේක හොඳයි. ලංගම සීසන් වෙනුවට පාසල් ළමුන්ට කාඩ් දෙන්න පුළුවන්
ඉතාම හොද තීරණයක්. බස්රථ සදහා පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය භාවිතා කිරීම මගියාටත්, බස්හිමියාටත්, රියදුරුමහතුන්ටත් මානසික සුවයෙන් තම රාජකාරී ඉටුකිරීමට කදිම පිටුවහලක්. නිරතුරු බස්ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් මේ මගින් අහිමිවේ. මන්ද සෑබෑවටම බස්රථයේ ආදායම බස්හිමියාට ලැබෙනා බැවිනි. ලංකාවේ බස් කොන්දොස්තරලා යනු වෙනමම සංස්කෘතියකි. මගියාට සලසන සේවයට වඩා ඔවුන්ගෙන් සිදුවන්නේ මහත්ම හිරිහැරයකි. පීඩාවකි. කොන්දොස්තරවරු ලෙස මෙතෙක් කල් ක්‍රියාකළ සැමට වෙනත් විකල්ප රැකියා කෝවිඩ් පැවති කාලයේ මෙන් සොයාගැනීම අපහසු නොවේ. එතකොට බස් වලින් මග සිට කප්පම්ගන්නා කප්පම්කරුවන්ට මොකද වෙන්නේ.... කප්පම්ගන්නා ස්ථාන වලටත් යන්ත්‍ර සවිකරා නම් අදාල ස්ථානයේදී කප්පම් මුදල් යන්ත්‍රයට ගෙවීමට හැකිවේ. මේ සියළු දෙයින් මනා විනයකින් යුතු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් කිසියම්ම හෝ උපකාරයක් වනු ඇත. බස්රථ අනතුරු, බස් රේස්යෑම් කොන්දොස්තරලා නැති කිරීම තුල අවම වනු නොඅනුමානයි....