(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන ප්‍රදානයේ වසරේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබේ.

මෙම සම්මානයට වනිඳු සමඟ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජෝස් බට්ලර් යන යන ක්‍රීඩකයෝ ද නිර්දේශව සිටිති.

වනිඳු ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද හිමිකරගැනීමට සමත්ව සිටියි.