IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ආනයනික කිරිපිටි මිල ඉහළ යයි

(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි මිල හෙට (30) නැවත ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න අද ප්‍රකාශයට පත්කරන බව කී අශෝක බණ්ඩාර මහතා මෙම කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය.

කිරිපිටි සඳහා පාලන මිලක් නොමැති වීම නිසා කිසියම් සමාගමකට මිල වැඩි නොකිරීමේ අවස්ථාව තිබෙන බවත් එමගින් වෙළෙදපොළේ තරගකාරී තත්වයක් නිර්මාණය විය හැකි බවත් අශෝක බණ්ඩාර මහතා කීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කිරිපිටි ආනයනික සමාගමක් වන ‘පොන්ටේරා’ සමාගමේ ප්‍රකාශයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස කිරිපිටි වැඩි කළ ද ඉන් පසුව ද කිලෝවකින් රුපියල් 100 කට අධික පාඩුවක් ලැබූ බවත් එම තත්වය හමුවේ සිය සමාගමේ කිරිපිටි මිල වැඩි කිරීමට ඉඩ ඇති බවත්ය.

ආනයනික කිරිපිටි සමාගමක් වන ‘ආරිය’ කිරි සමාගමේ ප්‍රකාශයෙක්ගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සමාගම කිරිපිටි ආනයනය මේ වන විට අත්හිටුවා ඇති බවත් ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි වීම ආනයනය අත්හිටුවීමට හේතුව බවත්ය.

ආනයනික කිරිපිටි මිල අවසන් වරට පසුගිය ඔක්තෝබර් මස 10 වැනිදා ඉහළ දැමූ අතර එහිදී කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින් ද, ඉහළ දැමීය.

ඒ අනුව මේ වන විට කිරිපිටි කිලෝවක් රුපියල් 1195 කට සහ කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 480 කට අළෙවි කරනු ලැබේ.

මාසයක පමණ කාලයක සිට රට පුරා දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.



අදහස් (21)

ආනයනික කිරිපිටි මිල ඉහළ යයි

Sisira Wednesday, 29 December 2021 03:51 PM

හිඟවෙනකොටම අපි හිතුවා ආපහු ඉහළ දැමීමක් කියලා...

:       0       45

nimalWednesday, 29 December 2021 08:53 PM

ආනයනික කිරිපිටි මිල ඉහළ යාම සහ රට තුල ජනතවට පැනනැගී තිබෙන වෙනත් ගැටළු සම්බන්දව සමගි ජනබලවේගය කිසිදු විසදුමක් ඉදිරිපත් කරනවා වෙනුවට රජයට චෝදනා කරමින් සිටි. රජයේ නොහැකියාව ජනතව හොදින්ම දනී. නමුත් බලය ඉල්ලා සිටින සජිත්ගේ කණඩායම අර්බුද විසදීමට කිසිදු විකල්පයක් හෝ විසදුම් නොමැතිව අදුරේ අතපත ගමින් සිටි. රටේ අර්බුද අවස්ත්වවලදී ඔවුන් කලයුතුවන්නේ ජනතවට විසදුම් ඉදිරිපත් කිරීම වේ. එසේ නොමැතිව සජිත් ප්‍රේමදාස රට වටේ යමින් ආණ්ඩුවට බැනවදිමින් සිටින අතර තුර ඔහුගේ ගෝල බාලයන් ඔහුට නොදෙවෙනි ආකාරයට ජනතව පත්ව තිබෙන අර්බුදය විහිළුවකට ලක්කර තිබීම ඉතාම කණගාටු දායකය. එක ගෝලයකු ආර්ථික ප්‍රසන සදහා විසදුම් සොයමින් ත්‍රී වීල් පදවමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් රටේ ජනතවට විහිළු සපයන අතර අනෙක් ගෝලයා ගෑස් සිලින්ඩරය රැගෙන ගෑස් සොයා යාම ජනතව දකිනුයේ ඉතාම පහත මට්ටමේ දේශපාලනයක සමගි ජනබවේගය නිරත වන බවකි. සමගි ජනබලවෙගයට රටේ ප්‍රසන සදහා කිසිදු විසදුමක් නොමැත. ඔවුන්ගේ එකම හැකියාව ආණ්ඩුවට බැනීම සහ 69 ලක්ෂයට බැනවදීම් පමණි.

:       21       18

piyaThursday, 30 December 2021 04:36 AM

සජබ විසඳුම් දෙනකම් ඉන්නද? 2/3 බලයක් සහ 69 ලක්ෂයකගේ ඡන්දයෙන් රටගත්තේ... අපිට කොරන්න පුළුවන් කියලා...!

:       0       0

aseThursday, 30 December 2021 01:07 PM

ඔබගේ අදහස විපක්ෂය කලයුත්තේ කුමක්ද ? සර්ව බලය සදාගත් ජනාධිපතිවරයා සහ 2/3 ක පාර්ලිමේන්තුවේ බලයක් ඇති පාලකයන් දැන් ? අද ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කල හැක්කේ ජනතාව ඉදිරියේදේවත් මෙවැනි රැවටීම් වලට අසු නොවන ලෙස පහදා දීම පමනය.

:       0       1

චන්දිම ෆොන්සේකාThursday, 30 December 2021 01:34 PM

ඔව් ඔව් මමත් දැක්කා ගෑස් හොයන්න යන්න ටැංකිය උස්සගෙන යන්න හදපු මිනිහා ඒක පටවගත්තා ඇති සුකෝපභෝගී ජීප් රථයකට. අඩු ගානේ ඒකට මොලේ තිබුනේ නැහැ මිනිස්සුන්ව රවටන රඟපෑම වත් ඒ විදියට කරන්න.

:       2       1

nimalThursday, 30 December 2021 07:33 PM

විපක්ෂය කළයුතු වන්නේ කඩාවැටී තිබෙන ආර්ථිකය ගොඩනැගීම සඳහා විසඳුම සහ රටේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට කාලවකවානුවක් ඉදිරිපත් කිරීම වේ. එසේ නොමැති වුවහොත් ගෝලයින් මෙන්ම සජිත්ද සිල්ලර දේශපාලනයක යෙදෙන බව රට වැසියන් දනී. සර්ව බලය සාදාගත් ජනාධිපතිවරයා සහ 2/3 ක පාර්ලිමේන්තුවේ බලයක් තිබුණද, රටේ වර්තමාන අර්බුද හමුවේ විසඳුම් සහ ඔවුන් බලයට පැමිණි පසු ණය සදහා IMF කොන්දේසි පිළිගන්නේද කියා රටට කිවයුතුවේ. එසේ නොමැතිව බොරු රඟපෑම්වලින් ඵලක් නොමැත..

:       0       0

sugathThursday, 30 December 2021 02:46 AM

කා සිටියත්, ලංකාවේ විපක්ෂය බල්ලාට ගොස් ඇති බව ඔබ දන්නේ නැද්ද?

:       0       0

Sunil Wednesday, 29 December 2021 04:33 PM

මිල ඉහල ගියත් හිඟය අඩුවෙයි කියලා හිතන්න බැහැ.

:       0       12

යෝගා Wednesday, 29 December 2021 04:39 PM

රට කිරිපිටි නොබීවා කියලා මැරුණ අය නෑ. බීලා පිළිකා හැදුණූ අය නම් ඉන්නවා

:       39       131

RaveendraThursday, 30 December 2021 06:15 AM

ඔබගේ අදහස් "200%" නිවැරදිය. එනමුත් මිනිසුන් මේ සෑම ගැටළුවක් දෙසම බලන්නේ තමන් වඳින, තමන් පස්සෙන් යන දේශපාලුවන්ගේ ගොන් අදහස් සමඟ වීම ඉතාමත් අවාසනාවකි. විපක්ෂයේ ඉන්නා "මී හරකුන්ට" වැසිකිළි යාමට නොහැකි වුවත් මහජනතාව අවුස්සා උද්ඝෝෂණ, වැඩවර්ජන කරමින් බලයේ ඉන්නා "හරකුන්ට" වගකීම පැවරීම ගොන් විපක්ෂවල සම්ප්‍රදාය බව නොරහසකි. දශක කීපයක් සිටම අප රටේ විපක්ෂ පට්ටියට ලගින්න ගිය සෑම "කෙනෙකුගේම" ප්‍රධාන කාර්යබාරය වනුයේ බලයේ ඉන්න අයගේ රෙදි සේදීමයි.

:       0       0

Soma dubayi Wednesday, 29 December 2021 04:48 PM

ජනතාව සුළු කැපකිරීමක් කරන්න ඕනේ මේ වෙලාවේ.. ළඟදීම මේ ප්‍රශ්න ඉවර වෙනවා.

:       97       11

ගමේ එකාලාWednesday, 29 December 2021 08:09 PM

තමුන්ට නම් අවුලක් නැතුව ඇති. ජනතාව කන්ඩ, බොන්ඩ විදියක් නැතුව හාමතේ මැරිලා යාවි. එතකොට ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතාගෙන ඇති.

:       4       22

AnuraWednesday, 29 December 2021 10:15 PM

ඔව් රාජපක්ෂලා ටික ගෙදර ගියහම

:       2       21

Prabha Wednesday, 29 December 2021 11:52 PM

ලංකාවේ ඔටු කිරි නෑ...

:       0       0

fairoos Wednesday, 29 December 2021 05:26 PM

කිසිම පාලනයක් නැහැ. ආණ්ඩුව ඇණගෙන ඉවරයි...

:       7       94

sachith Wednesday, 29 December 2021 08:44 PM

මේ ආණ්ඩුවෙන් හොඳ දෙයක් කරානම්, කිරිපිටි මිනිස්සුන්ට එපා කරපු එක.

:       2       15

Hafeel Thursday, 30 December 2021 06:17 AM

මිනිස්සුන්ට තාම කිරිපිටි එපාවෙලා නැහැ. මමත් පිළිගන්නවා කිරිපිටිවල කිසිම ගුණයක් නැති බව. නමුත් කුඩා දරුවන් මේකට පුරුදුවෙලා. ආණ්ඩුවට ඩොලර් හිඟය නිසා මිස කිරිපිටිවල ගුණයක් නැති නිසා ආණ්ඩුව නැවැත්තුවේ නැහැ. නැත්නම් ආණ්ඩුව ආනයනික කිරිපිටි වලින් බදු ගහලාම උපරිම හම්බ කරනවා. මේක එකපාරටම ක්ෂණික නවත්තලා හරියන්නේ නැහැ. මුලදී අපේ දේශීය කිරි නිෂ්පාදනය වැඩිකරලා මේ වැඩේ කළානම්, අවුලක් වෙන්නේ නැහැ. හරියට කාබනික පොහොර ක්‍රියාත්මක කරන්න ගිහින් දැන් ගොවීන්ව අපුහසුතාවයට පත්කළා වගේ. මේ ජනාධිපති තමා නිවැරදි වැඩපිළිවෙල සහ සැලස්මක් සමග වැඩ කරනවා කිව්වට, එහෙම එකක් පේන්න නම් නැහැ. ජනාධිපති තුමාගේ නොහැකියාව නිලධාරීන්ට පටවලා ඇඟ බේරගන්නේ...

:       0       0

Abdul Wednesday, 29 December 2021 09:17 PM

සිමෙන්ති වල මිල ගැනත් ළඟදීම බලාපොරොත්තු වෙන්න.

:       2       19

Akila Wednesday, 29 December 2021 10:20 PM

අපිනම් කිරිපිටි බොන එක නැවැත්තුව , ඇඟට කිසිම වෙනසක් නැහැ , සුගර් වැඩි වෙන්නෙත් නැහැ

:       7       17

Demuni Uduwara Thursday, 30 December 2021 03:43 AM

රාජපක්ෂ බබාලාට කිරිපිටි ප්‍රශ්න මුකුත් නැහැ... නමුත් දුප්පත්..!

:       0       0

ජයන්ත Thursday, 30 December 2021 08:55 AM

උදා වූ අලුත් අවුරුද්ද සෞභාග්‍යයේ කිරි ඉතිරේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site