අන්තරේ සිසුන් දෙදෙනා රිමාන්ඩ්
අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්ය දේපළවලට අලාභහානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවල සිදු කිරීම, සංචරණ සීමා කඩ කරමින් සෙනඟ ප්රවාහනය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කළ පස්දෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් තිදෙනකු ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙසත් කඩුවෙල මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.