
(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
තෙල් පිරිපහදු සංකීරණය වසා දැමුවද ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශයේ එම නිලධාරියා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞබාග්‍යයේ දැක්ම, ගෝඨාභය ක්‍රමය....
කොච්චර හොඳට තිබිච්චි රටක්ද මෙහෙම බංකොලොත් කරන්නේ.. දැන් ඉතින් ඉන්න හිටින්න රටක් ඇති කියපු අයට නම් සැප තමයි.
ඊයේ දහවල් ලොකු මහත්තයා අර නුගේගොඩ ජුබිලිකණුව අසල තියෙන පැලවත්ත කිරිහල පසුකරගෙන යන වෙලාවේ එතන පෝලිමේ හිටිය සෙනඟ මහ හයියෙන් හූ කීවාලු. පස්සේ පොලිසියෙන් 50ක් විතර ඇවිත් එතන හිටපු සෙනඟ එළවා දමා කිරිහල වසා දැම්මාලු. ක්‍රිකට් පිටියේදී අනාගත නායකයාට හූ කිව්වා. ගෙදර ළඟදී ඉන්න නායකයාටත් හූ කිව්වා. කමින් කලර් නෝ ගුඩ් නේද?
එක රටක්... එක නීතියක්.... අනේ..!!! අපේ රටකට ගිය කලක්...
බාබර් සාප්පු දොරක් වෙන්න ඇති හයිකරලා ඇත්තේ...
පොහොර නැතිවුණත් අස්වනු සරුවෙයා... ඩොලර් නැති වුණත් බඩු තිබෙයි.. පිරිපහදුව වැසුවත් ඉන්ධන හිඟ නොවෙයි. මේ රජයේ ක්‍රියා පිළිවෙත අතිශයින් විශිෂ්ඨයි.
අරක මේක නෑ කියලා හිතාගෙන හිටියාට ලංකාවේ තරම් ආතල් එකේ ඉන්න අය පේන්නේ පිටරට දුක් විඳින අපිට...!
ඩඩ්ලි සේනානායක ඇතුළු එජාප රජය විසින් 1969 ඇරඹූ සපුගස්කන්ද පිරිපහදුව ගෝඨාභය ජනාධිපති ඇතුළු පොහොට්ටු රජය විසින් 2021/ 22 වසා දැමුණු බවයි.